Saturday, January 18, 2025

අලියාට ගහන්න කියද්දී බුලත් කොළේට ගැසූ මැතිවරණ නිලධාරියෙකුට වැඩ වරදී !

Must read

 

පක්ෂග‍්‍රාහීව කටයුතු කිරීම හේතුවන් කුරුණෑගල , මරඵවාව ප‍්‍රජාශාලාවේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතුවල යොදවා සිටි රජයේ නිලධාරියෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කරනු ලැබ තිබේ.

අද දහවල් සිය ඡන්දය පාවිච්චි කිරීම සදහා මරඵවාව ප‍්‍රජාශාලාවේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති වයෝවෘධ මවක් , තමන්ගේ දෑස් හරි හැටි නොපෙනන බැවින් අලියා සලකුණ ඉදිරියේ කතිරය ගසන ලෙස පවසමින් ඇගේ ඡන්ද පත‍්‍රිකාව මැතිවරණ රාජකාරීවල යොදවා සිටි මෙම නිලධාරියා වෙත භාරදී තිබේ. ඒ අවස්ථාවේදී අදාළ නිලධාරියා විසින් අලියා සළකුණ වෙනුවට බුලත් කොළය ඉදිරියේ කතිරය ගසනු දුටු වියපත් කාන්තාව සමග පැමිණි ඇගේ මිණිබිරියක ඊට දැඩි විරෝධය පළ කර තිබේ. එහිදී කලබලයට පත් එම නිලධාරියා විසින් අදාළ ඡන්ද පත‍්‍රිකාවේ අලියා සලකුණ ඉදිරිපිටද කතිරයක් ගසා එය එක්වරම ඡන්ද පෙට්ටියට බහා ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම වියපත් කාන්තාවගේ ඥාතීන් විසින් කළ පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා මැතිවරණ රාජකාරීවලින් සහ ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත්කිරීමට දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතාගේ උපදෙස් මත මැතිවරණ නිලධාරීන් විසින් කටයුතු කර තිෙබ්. 623424-breaking-news

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article