උසාවිය ඉස්සරහ වොයිස් කට් දෙන්න ගිය ජොන්ස්ටන්ට පොලිසිය හරස්වෙයි.
පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී සතොස ශාඛාවලින් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැණුනේ පෙරේදා දිනයේදීය. මෙම නඩු විභාගය ආරම්භ වූ දිනවලදී ජොන්ස්ටන් සමග මහා සේනාවක් උසාවි ආ නමුත් එම පිරිස ටිකෙන් ටික අඩු වී ගොස් පසුගිය අගහරුවාදා නම් ජොන්ස්ටන් සමග උසාවි ඇවිත් තිබුණේ දෑතේ ඇගිලි ගණනට ආසන්න පිරිසකි.ඒ අතරිනුත් ජොන්ස්ටන් හිතවාදී පුංචි මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නට එහි පැමිණ සිටියේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර පමණි. ජොන්ස්ටන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළ ලිපි ලේඛණ 53 ක් එදින විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට නියමිතව තිබූ නමුත් පැමිණිලි පාර්ශ්වය පැත්තෙන් අදාළ ලිපි ලේඛණ සූදානම් වී නොතිබීම නිසා නඩුව ජූලි 07 වැනිදාට කල්ගියේය. නඩු විභාගයට සහභාගි වී අධිකරණ භූමියෙන් පිටතට පැමිණි මන්ත්‍රී ජොන්ස්ටන්ට උසාවි දොරකඩදී අකරතැබ්බයකට මුහුණදීමටද සිදු විය. ජොන්ස්ටන් එනතෙක් අධිකරණයේ ගේට්ටුව ළග රැකවල්ලාගෙන සිටි මාධ්‍යවේදීන් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය ගැන ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම ආරම්භ කළහ. ජොන්ස්ටන් විසින් ප්‍රකාශය ආරම්භ කර අදහස් දක්වමින් සිටියදී එතැනට පැමිණි අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරියෙකු විසින් මාර්ගය අවහිර වන බව කියමින් පිරිස එතැනින් ඉවත්කිරීමට කටයුතු කළේය. ‘‘නඩුකාර උන්නාන්සේලා මෙතැනින් යනවා. මහත්තුරු පාරෙන් අයින්වෙන්න කරුණාකරලා.’’නිලධාරියා කීය. එය ඇසූ ජොන්ස්ටන් මාර්ගයෙන් මදක් මෑත් විය.‘‘ඔහේ නෙවෙයි, මේ පැත්තට යන්න, මේ පැත්තට යන්න.’’කියමින් එම පොලිස් නිලධාරියා ජොන්ස්ටන්ට අනිත් පැත්ත පෙන්වීය. එවර පොලිස් නිලධාරියා දෙස රවා බැලු ජොන්ස්ටන් මාධ්‍යවේදීන් අත තිබූ කැමරා ක්‍රියාත්මකව තිබියදීම පාරෙන් අනෙක් මාරු වූයේ ‘‘ඔන්න ඕවා තමයි අල්ලන්න ඕනෑ. ’’යැයි කියමිනි. පාරේ මෙහා පැත්තට පැනගත් ජොන්ස්ටන් සිය ප්‍රකාශයේ ඉතිරි ටික සම්පූර්ණ කළේ ‘‘පොලිස් රාජ්‍යය කියන්නේ ඕකට තමයිග පොලිසිය නැත්නම් ආණ්ඩුවත් නෑ.’’යැයි කියමින් පොලිස් නිලධාරියාටද හින්ට් එකක් ගසන ගමන්මය.
පළාත් සභාවටත් ඩොලර් එයි.
මෙරට ක්‍රියාත්මක පළාත් සභාවන්ට සුදු අලි ලේබලය වැදී ඇත්තේ ඒවා විසින් කිසිදු ඉපැයීමක් නොකර මධ්‍යම රජයෙන් සැපයෙන මුදල් මත යැපෙමින් සිටීම හේතුවෙනි. පළාත් සභා සංකල්පය ආරම්භක අවදියේදී වයඹ පළාත් සභාව මීට හාත්පසින්ම වෙනස් මගක යමින් මූල්‍ය උත්පාදක ව්‍යාපෘතීන් මෙන්ම සෘජු විදෙස් ආයෝජනද ලබාගනිමින් තරමක හෝ ස්වංයපෝෂිත තත්වයක පැවැති නමුත් පසුකාලීනව අනෙක් පළාත් සභාවන් මෙන් සුදු අලි සංකල්පය දක්වාම පසුබැස ගිය බවක්ද කියැවෙයි. කෙසේවෙතත් කලකින් නොලැබුණු විදෙස් ආධාරයක් පසුගිය සතියේදී වයඹ පළාත් සභාව වෙත ලැබී තිබිණි. වයඹ පළාත තුළ පිහිටි පළාත් පාලන ආයතනවල තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන පදනම විසින් රුපියල් මිලියන 15 ක මූල්‍යාධාරයක් වයඹ පළාත් සභාව වෙත පිරිනමා තිබේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ආසියානු සංවර්ධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත දිනේශා වික්‍රමනායක සහ වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක අතර වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ලිච්ඡවී ශාලාවේදී පසුගිය සිකුරාදා සිදුකෙරිණි. ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී. බී. එම් සිරිසේන, පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එක් වී සිටියහ. තුන් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහනේදී ආසියානු සංවර්ධන පදනමේ ආධාර මුදල් යොදවා වයඹ පළාත් පාලන ආයතනවලින් ජනතාව වෙත සපයන සේවාවන් අන්තර්ජාලය හරහා සෘජුවම ලබාගත හැකි ආකාරයේ දත්ත පද්ධතියක් සකස්කිරීමට නියමිතව තිබේ.
බිත්තර වී සාකච්ඡාවට ටිකිරි බණ්ඩාගේ නමත් ඈදෙයි.
වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් පසුගිය 07 වැනිදා වයඹ ප්‍රධාන අමාත්‍යංශයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් සදහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබිණි. වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගංවතුරෙන් හානි වූ කුඹුරු සදහා බිත්තර වී නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීම මාධ්‍ය හමුවේ අරමුණ වී තිබිණි. මහඇමැති ධර්මසිරි දසනායක, පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුව සදහා ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී. බී. එම්. සිරිසේන සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජිත බණ්ඩාරනායකද අසුන්ගෙන සිටියහ. සාකච්ඡාව ටික වේලාවක් ඇදීගෙන යද්දී ඇමැති සන්ධ්‍ය රාජපක්ෂද පැමිණ මාධ්‍ය හමුවේ අසුන් ගත්තේය. කෙසේවෙතත් මැති ඇමැතිවරුන් විසින් ඔවුන්ගේ අදහස් දැක්වීම් අවසන් කළ වහාම මාධ්‍යවේදීන් තමන් ආ කාරිය ඉටුකරගැනීම පිණිස ඔවුන් වෙත ප්‍රශ්න නගන්නට වූහ. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න යොමුවුණේ බිත්තර වී බෙදිල්ල ගැන නොව සභාපති ටිකිරි බණ්ඩා සම්බන්ධ ගැටලුව පිළිබදවය. ‘‘මහඇමැතිතුමා එදා ඔබතුමා පොරොන්දු වුනානේ මේ ප්රශ්නය විසදන්න මැදිහත් වෙනවා කියලා. සභාපතිවරයා මාධ්‍යවේදීන් ගැන කරපු ඒ අවමන් සහගත ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න කටයුතු කරනවා කියලත් ඔබතුමා අපිට පොරොන්දු වුණා. නමුත් මේ වෙනකම් ඔබතුමා කියපු කිසිම දෙයක් සිද්ද වුණේ නැහැනේ ’’මාධ්‍යවේදීහු ධර්මසිරිට කීහ. ‘‘ඇයි එතුමා එදා සභාවේදි ඒ ගැන කණගාටුව පළකලා නේද ? ’’ධර්මසිරි එවර කීය.‘‘කණගාටුව පළකිරීමක් ගැනවත්, සමාව ඉල්ලීමක් ගැනවත් අපි එදා ඔබතුමා එක්ක පවත්වපු සාකච්ඡාවේදි කතා කළේ නැහැ. අපි පැහැදිලිව කිව්වේ සභාපති ටිකිරි බණ්ඩා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කරපු ඒ අපහාසාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න කියලයි. නමුත් එහෙම ඉල්ලා අස්කරගැනීමක් සිද්ධවෙලා නැති නිසා අදටත් හෑන්සාඩ් එකේ ඒ ප්‍රකාශය ඒ විදිහටම තියෙනවා. අපි මේ කතාකරන මොහොතේදීත් ඒ ප්‍රකාශය තියෙන්නේ වලංගු තත්වයක. ඒ නිසා තවමත් අපිට පළාත් සභා රැස්වීමට එන්න තත්වයක් උදාවෙලා නැහැ.’’මාධ්‍යවේදීන් යළිත් කීහ. ‘‘හරි, මට තව සතියක් දෙන්න. මම සභාපතිතුමාට කතාකරලා ඔය ප්රශ්නය විසදලා දෙන්නම්. ’’මහ ඇමැති ධර්මසිරි ප්රශ්නය විසදීම සදහා මාධ්‍යවේදීන්ගෙන් දෙවැනි වතාවටද කල් ලබාගත්තේය. අනතුරුව මාධ්‍යවේදීන් හැරුණේ ඇමැති සුමල් තිසේරා දෙසටය. ‘‘ඇමැතිතුමා, ඔබතුමාත් පළාත් සභාවෙන් මාධ්‍යවේදීන් දොට්ට දානකොට නිහඩව හිටපු කෙනෙක්. එහෙම කරන්න එපා ඇමැතිතුමා.අපි ඔබතුමාලා වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ අපට කරදරයක් වුණාමත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. ’’මාධ්‍යවේදීන් සුමල්ගේ මුහුණම කීවේ චෝදනාත්මක ස්වරයකිනි. ‘‘ හරි මම දැන්වත් මහ ඇමැතිතුමා එක්ක එකතුවෙලා ඔයාලගේ ප්රශ්නය විසදලා දෙන්නම්කෝ’’සුමල් කීය.
අලි ඇමැතියි, අලි හිමියොයි මහ වලියක.
හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය සහ තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අතර සාකච්ඡාවක් පෙරේදා පැවැත්වුණේ එම අමාත්‍යංශයේදීය. සාකච්ඡාවට හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති, දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුලු එම සංගමයේ සාමාජිකයින් පිරිසක්ද සිටියහ. අලි ඇතුන් සම්බන්ධයෙන් උද්ගත වී නීතිමය තත්වයක්, ලියාපදිංචි කිරීම් ආදී ගැටලු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර හීලෑ අලි ඇතුන් හිමියන් විසින් අමාත්‍යවරයා වෙත කියා සිටියේ අලි ඇතුන් හිගවීම හේතුවෙන් ඉදිරි පෙරහැරවලට පවා එය බලපෑම් කරන තත්වයක් මතු වී ඇති බවයි. ‘‘යම් නිරෝගී අලියෙක් ඉන්නවා නම්, ඇතෙක් ඉන්නවා නම්, අපි එයාව නොදී බැහැ කියනවා නම් අපිට මැදිහත්වෙන්න බැහැ.’’යැයි ඇමැති ජයවික්‍රම කී ප්‍රකාශයක් අලි හිමියන් කලබල කරන්නට සමත්විය.‘‘ඒක පුද්ගලික දෙයක්නේ ඇමැතිතුමා, මගේ අලියා මම දෙන්නේ නැත්නම් සුදු වෑන් එකක දාලා ඌ පටවගෙන යන්නද කියන්නේ ? ’’අලි හිමියෙකු පැවසීය. එම ප්‍රකාශය ඇමැති ජයවික්‍රමගේ කෝපය ඇවිස්සීමට හේතු විය.‘‘ඔබතුමා ලයිෂන් ගන්න එපැයි.’’ජයවික්‍රම තරමක උස් හඩින් කීය. ‘‘ඉතිං ලයිෂන් තවමත් නැහැනේ.’’අලි හිමියා යළි පැවසීය. ‘‘හරි, අපි ලයිෂන් කරන්නනේ යන්නේ දැන් අපට මේකට කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ 2014 ඉදලා අපි ලයිසන් කරන්න පටන් ගන්නවා.’’ඇමැති ජයවික්‍රම කීය. අලි හිමියෙකු ඊට පිළිතුරු දුන්නේ අපූරු උපමාවක්ද සමගිනි. ‘‘අර ත්‍රීවිල්කාරයා ත්‍රීවිල් එක පිටිපස්සේ ගහගෙන තියෙනවා ළිද මගේ නම්, වතුරත් මගේ නම් අනිත් උන්ට මොකක්ද තියෙන අමාරුව කියලා. ඒ වගේ අපිත් කියන්නේ අලි අපේ නම් තව මොකක්ද අලුතින් හදන්න තියෙන්නේ. අපි නම් කියන්නේ අපිට බලපත්‍ර දුන්නත් එකයිග නැතත් එකයි කියලා. ’’අලි හිමියා පැවසීය. ‘‘ඔබතුමාලගේ තර්කය මට තේරෙනවා. නමුත් ඔබතුමාලා කොච්චර තර්ක කළත් අපි නීති නම් ගේනවා. ’’ඇමැති ජයවික්‍රම කීය.
ලංසලාට බය වූ කුරුණෑගල මැතිවරු !
මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරය හෙළාදකිමින් සහ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීම පසුගිය සදුදා කුරුණෑගල ඔරලෝසු කණුව අසලදී සිදුවිය. වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කුරුණෑගල සිවිල් සංවිධාන එකමුතුව සහ වයඹ ටුඩේ වෙබ් අඩවිය එක්ව සංවිධානය කර තිබූ මෙම විරෝධතා පෙත්සමට අත්සනක් තබා යන්න එන්නැයි මාධ්‍යවේදීන් විසින් දේශපාලනඥයින් ගණනාවකටම ආරාධනා කර තිබූ නමුත් ඊට අත්සන් තබන්නට ඇවිත් තිබුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර යන දෙදෙනා පමණි. ෆ්‍රෙඩී ගමගේට පහරදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටින මීගමුවේ ලංසා සහෝදරයින් යහපාලනයේ හවුල්කරුවන්වීම නිසාදෝ මාධ්‍යවේදීන් විසින් අදාල පෙත්සමට අත්සන් කිරීම සදහා ආරාධනා කරද්දීම එජාපය මෙන්ම ශ්රීලනිපය ද නියෝජනය කරන ඇතැම් මැතිවරුන් සලිත වී ගිය බවක් පෙණනි. පසුගිය සමයේ මාධ්‍ය නිදහස ඉල්ලා නිදහසේ වේදිකාව උඩට වී කෑමොර දුන් එක්තරා දේශපාලනඥයෙකු වැඩේ මගහැර ගොස් තිබුණේ පසුදිනෙක අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය යූ. බී. විජේකෝන් මහතාවද පාවාදෙමිනි. අදාළ දේශපාලනඥයාට මාධ්‍යවේදියෙකු විසින් දුරකථනයෙන් අමතා ආරාධනා කළ අවස්ථාවේදී තමන්ට යූ. බී. විජේකෝන් මහතාගේ අවමංගල්‍යයේ විශාල වැඩකොටසක් පැවරී ඇති බවත්, ඒ මොහොතේ සිටින්නේත් කොළඹ බවත් කියා තිබිණි. ඒ නිසා පෙත්සමට අත්සන් කරන්නට එන්නට බැරිවෙන නමුත් තමන් නියෝජනය කරන පිරිසක් එතැනට එවන බවද අදාළ දේසපාලක තැන විසින් මාධ්‍යවේදියාට පොරොන්දු වී තිබේ. නමුත් එම දේශපාලක තෙමේ නියෝජනය කරමින් මිනිස් පුඵටක් හෝ අදාළ කාර්යය සදහා නොපැමිණි අතර පසුව කළ සොයාබැලීමකදී දැනගත හැකි වූයේ අදාල දේශපාලනඥයාටද යූ. බී. විජේකෝන් මහතාගේ අවමංගල්‍යයේ ඔහු කියූ තරමේ සුවිශේෂි වැඩ කොටසක් නොපැවරී තිබූ බවය. ඔහු මෙන්ම ‘‘උඹලාගේ වැඩවලට අපි නෑවිත් ඉන්නවාද බං ?’’යැයි කියමින් පෙර දිනයේ මාධ්‍යවේදීන්ට ඉර හද දිවුරා පොරොන්දු දුන් දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ඊට පසු දිනයේ වැඩේ මගහරිමින් සුපුරුදු පරිදිම පොල්ල දමා තිබිණි. පෙත්සම අත්සන් කරන අතරේම දේශපාලනඥයින්ගේ මගහැරීම ගැන කතාව ඇදුණේ එතැනට සහභාගි වී සිටි අජිත් ප්‍රියලාල් ඇතුලූ පිරිසක් අතරේය. ‘‘ඔබතුමාට බලපෑම් ආවේ නැද්ද මේකට අත්සන් කරන්න යන්න එපා කියලා ?’’මාධ්‍යවේදීන් අජිත්ගෙන් ඇසූහ. ‘‘ආණ්ඩුවේ නෙවෙයි අපේ ගෙදර මිනිහෙක් හරි වැරැද්දක් කළා නම් වැරැද්ද වැරැද්දමයි. ඒක වැරදියි කියන්න ඇයි අපි බයවෙන්නේ. ලංසලා නෙවෙයි, හෙට කුරුණෑගල අපේ පක්ෂයේ ඇමැතිවරයෙක් මිනිහෙක්ට ගැහැව්වා කියලා උද්ඝෝෂණයක් සංවිධානය කළොත් මම එතැන ඇති. ’’අජිත් කීය. කෙසේවෙතත් යහපාලනයේ නාමයෙන් දේශපාලනඥයින් විසින් වැඩේ මගහැර ගොස් තිබූ එහි නමුත් ආගමික නායකයින්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තිය සමිති නායකයින්, කලාකරුවන් සහ ජනතා ක්‍රියාකාරීන් මෙන්ම මහජනතාව විශාල පිරිසක්ද මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම සදහා එක්වී සිටි අතර අතිශය සාර්ථක අයුරින් එම කටයුත්ත අවසන් කෙරිණි.