අපවත් වී වදාළ නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද පස්වරුවේ මඩහපොළ, පන්සියගම, නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කිරීමට නියමිතය.
කොළඹ සිට මැල්සිරිපුර දක්වා වැඩම කරනු ලබන දේහය අද පස්වරු 6 ට පමණ මැල්සිරිපුර නගරය වෙත ළගාවීමෙන් අනතුරුව එතැන් සිට රිය පෙරහැරකින් වැඩම කරවාගෙන ගොස් නාඋයන ආරණ්‍ය සේනාසනයේ සීමාමාලක ගොඩනැගිල්ලෙහි තැන්පත්කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවිධායක කමිටුව කියයි.
අරියධම්ම හිමියන්ගේ දේහය අද (7) සහ හෙට (8) නාඋයන ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබෙන අතර 9 වැනිදා සහ 10 වැනිදා ගල්දූව ආරණ්‍ය සේනාසනයෙහි දේහය තැන්පත් කර තැබෙනු ඇත. පසුව අවසන් කටයුතු සිදුවනතෙක් උන්වහන්සේගේ දේහය 11 වැනිදා සහ 12 වැනිදා කොළඹ ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට නියමිතව තිබේ.
අනුනාහිමියන්ගේ දේහය තැන්පත්කිරීම සදහා නාඋයන ආරණ්‍ය සේනාසනය සූදානම් කෙරෙමින් ඇති ආකාරය වයඹ ටුඩේ කැමරාවෙහි මෙලෙස සටහන් විය.