Saturday, January 18, 2025

අරක්කු තිප්පලක අඩි 20ක ගංජා ගසක්

Must read

	
ganja 1ganja 2' (2)මැදගම තඹගල්ල වත්තේ හොර අරක්කු තිප්පලක් වැටලිමට යවමින් සිටි පොලිස් නිලධාරින් පිරිසකට සරුවට වැවි තිබු අඩි 20 ක් පමණ උසැති ගංජා ගසක් වවා තිබු අයෙකු සමග එම ගංජා ගස අද ( 1දා ) අළුයම අත් අඩංගුව ගත හැකිවු බව මාදම්පේ පොලිසිය කියයි.
 57 වන වියේ පසුවන සැකකරු මැදගම තඹගල්ල වත්තේ පදිංචි අයෙකු වන අතර ඔහු කලක් පොලිස් නිලධාරියෙකුව සේවය කර මේ වන වි‍ට මනුෂ්‍යය ඝාතනයක් සිදු කළ බවට චෝදනා මත විභාග වන මිනිමරුම් නඩුවක සැකකරුවෙකු වන බවත් මේ වන විට ඔහු වැඩ තහනමට ලක්ව ඇති අයෙකු බවත් පොලිසිය කියයි. 
මැදගම තඹගල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන හොර අරක්කු පොලක් සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව පොලිස් නිලදාරින් පිරිස තඹගල්ල වත්ත ප්‍රදේශයට යන අතර සැකකරු මෙම ගංජා ගස අලෙවි කිරි පිණිස ගෙන යාමට සුදානමින් සිටිය දි අත් අඩංගුවට ගත් බවත් කියයි.
මෙම ගස සරුවට වැඩි තිබු අතර එහි උස අඩි 20 ක් පමණ වන බවත් වසර ගණනාවක කාලයක් තිස්සේ සැකකරු  මෙම ගසට පොහොර යොදා තම ගෙවත්තේ වවා ඇති බවත් කියයි.
මෙම ගස යම් පුද්ගලයෙකුට රුපියල් විසිපන් දහසක මුදලකට විකිණිමට සුදානම් කර තිබු බවත් කියයි. 

ජායාරූප මුන්නේශ්වරම සමුහ. 
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.බී.සුරම්ජිත් කුමාරපේළි නාත්තණ්ඩිය  සහකාර පොලිස් අධිකාරි එම්.ආර්.සුජිව  විජේසේන  යන මහත්වරුන්ගේ උපදෙස් අනුව
 මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර උප පොලිස් පරික්ෂක මංජුල පිරිස් කොස්තාපල්වරුන් වන 
 චන්ද්‍රසේන 46352 ඒකනායක 89963 ජයතිලක 84566 සහ චන්ද්‍රසේන 41417 සහ බාලසුරිය 88670  යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

ඔගස්ටින් ප්‍රනාන්දු / හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article