Saturday, January 18, 2025

අයියාට එපා වූ සන්ධානය මල්ලීට ඕනෑ වෙයි !

Must read

දේශපාලනය හමුවේ එක බඩවැල කඩාගෙන ආ සහෝදරකම් පවා වලංගු නොවන බව පසක් කරමින් සුසන්ත කැටවලගෙදර මහතා ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය.

සුසන්ත කැටවලගෙදර යනු , තමන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බලවත් අසාධාරණකම් රැසක් සිදු වූ බව පවසමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයට එක් වූ කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර මහතාගේ එක් කුස උපන් සොහොයුරාය.

කලකට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ආධාරකරුවෙකු වූ සුසන්ත කැටවලගෙදර මහතා, කුලියාපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති තනතුර අහිමිකිරීම සහ සිය සහෝදරයා වූ සම්පත් කැටවලගෙදර මහතාට 2013 වයඹ පළාත් සභා මැතිවරණයට තරගකිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබානොදීම ඇතුඵ කරුණු කිහිපයකට විරෝධය පළකරමින් පසුව එක්සත් ජාතික පක්ෂයට එක් විය. සුසන්ත කැටවලගෙදර මහතාට 2013 වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ අවස්ථාවද හිමි වූ නමුත් ඔහුට එජාප මනාප ලැයිස්තුව තුළ දිනාගත හැකි වූයේ අවසන් ස්ථානයයි.

සුසන්ත කැටවලගෙදර මහතා ඊයේ පස්වරුවේ කුලියාපිටියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බුලත් හුරුඵ දී සන්ධානයට එක් වූයේ ඔහුගේ සොයුරා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ උණුසුම පහව යන්නටත් පෙරදී වීම විශේෂත්වයකි. ඒ සමග කැටවලගෙදර අයියාට නොහොද වූ සන්ධානය කැටවලගෙදර මල්ලීට දැන් හොද වී තිබීමත්, අයියා එන විට මල්ලී යමින් , මල්ලී එන විට අයියා යමින් එකතැනක වසන්නට බැරි තත්වයට පත් වී සිටින කැටවලගෙදර දෙසොහොයුරන්ගේ දේශපාලන හැසිරීම මේ දිනවල කුලියාපිටිය ප‍්‍රදේශයේ ජනප‍්‍රියම දේශපාලන මාතෘකාවද බවට පත් වී තිබේ.

12 - Copy - Copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article