Saturday, September 21, 2024

අයහපත් කාලගුණයෙන් පවුල් 644ක 2,354ක් පීඩාවට

Must read

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 16 දින සිට ඊයේ(18) පස්වරු 6.00 දක්වා කාලය තුළ කළුතර, පුත්තලම, රත්නපුර දිස්ත්‍රික්කවල පවුල් 644ක පුද්ගලයන් 2354ක් බලපෑමට ලක්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ත්ව වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි.

තද වැසි, අධික සුළං, ගංවතුර හේතුවෙන් එම ජනතාව පඩාවය පත් වී තිබේ.

තුවාල වූ පුද්ගලයන් 02ක් බවත්, අර්ධ නිවාස හානි 86ක් බවත් එහි සඳහන් වේ.

ඥාති නිවාසවල පවුල් 341ක පුද්ගලයන් 1194ක් සිටිති. ආරක්ෂිත ස්ථාන 01ක පවුල් 02ක පුද්ගලයන් 04ක් සිටිති. කුකුලේ ගඟ සහ දැදුරු ඔයේ ඊයේ පස්වරු 6.00 වන විට වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබිණ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වය අද(19) සහ හෙට(20) දිනවලද බලාපොරොත්තු වන බව කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවසීය.

දිවයින පුරා පවතින වැසි තත්ත්වය අනිද්දා(21) පසු අඩු වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල බුලත්සිංහල, ඉංගිරිය, ඇලපාත, ඇහැලියගොඩ,කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා අද(19) පස්වරු 4.00 දක්වා වලංගු වන පරිදි නායයාම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදනය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත. එමෙන්ම කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිහතක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ දෙවැනි සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පෙරේදා (18) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 148.5ක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවිය. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹලි ස්වභාවයක් හේතුවෙන් අධික වර්ෂා තත්ත්වය පසුගිය 16 දින ආරම්භ වූ අතර 17 දින පෙ.ව 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 233ක් ලෙස ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

උපුටා ගැනීම – දිණමින

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article