Saturday, November 23, 2024

අඹකඳවිල දේවස්ථානය වසා දැමේ ! පියතුමන්ලා රැසක් දේවස්ථාන වලින් ඉවත් වේ.

Must read

church(11.16am) අඹකඳවිල දේවස්ථානයේ මුළු තැන් ගෙයි කෑම පිසිම සිදුකළ තරුණයෙකුට කොරෝනා වැළඳී තිබිම හේතුකොට ගෙන මේ වන විට ඔහුව ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කොට තිබේ.
මේ අතර එම දේවස්ථානයේ සේවය කළ ගරු පියතුමන්ලා දෙදෙනෙකුගේ   පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර   ප්‍රදේශවාසින් පවසා සිටින්නේ මේ වන විට අඹකඳවිල දේවස්ථානය වසා දමා ඇති බවය.
එමෙන්ම පසුගිය ඉරුදින අඹකඳවිල දේවස්ථාන ශාලාවේ පැවැති රැස්විමකට ගරු පියවරුන් 25 දෙනෙකු පමණ සහභාගිවි තිබුන අතර ඒ සියල්ලන්ට අහාර පාන සපයමින් ඇප උපස්ථාන කර තිබුනේද කොරෝනා ආසාදිත තරුණයා විසින් බව පැවසේ .එමෙන්ම මෙම දේවස්ථානයේ පැවති රැස්වීමට ආහාර පිළිවෙල කිරීමට ඒ අවට ප්‍රෙද්ශවාසීන්ද සහභාගී වී ඇති බවත් වාර්තාවේ.
මේ හේතුව නිසාම හලාවත පදවියේ ගරු පියවරුන් රැසකට PCR  පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ.මේ වන මෙම පියතුමන්ලා සිය දේවස්ථාන වලින් බැහැරව හලාවත අගරදගුරු නිල නිවසේ රැදී සිටින බවද වාර්තා වේ.
එමෙන්ම මෙම ආසාදිත තරුණයා සමගින් විනෝද චාරිකාව ගිය ඔහු අසලින්ම  වාඩිවි සිටි තවත් තරුණයෙකුටද කොරෝනා ආසාදිතදැයි සැකයක් පවතින බව කියැවෙන අතර ඔහුගේ PCR  පරික්ෂණ සිදුකිරිමට නියමිත බවද සැලවේ
එමෙන්ම එම ගමනට සම්බන්ධව පැමිණ දැනට බහුදින යාත්‍රාවලින් මුහුදට ගොස් සිටින ධිවරයන්වද යළි ගොඩබිමට කැඳවා ඇති බව ප්‍රෙද්ශවාසීන් පවසති. මේ අතර එම තරුණයා සමග විනෝද චාරිකාව ගිය තවත් පුද්ගලයින්ද සිටින අතර ඔවුන් එම චාරිකාවෙන් පසු  බහුධින යාත්‍රා වලින් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත. මේ වනවිට නැවත ගොඩබිමට පිටත්ව ඇති මෙම යාත්‍රා අතර අසනීප තත්ත්වයෙන් පසුවන අයද සිටින බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article