මෙවර මහ මැතිවරණය සදහා යොදාගෙන ඇති තේමා පාඨයන් සුරක්ෂිත කරගැනීම පිණිස වගබලාගන්නා ලෙසට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියඵ අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටීමට අප අදහස් කළෙමු.
මන්ද වයඹ ප්‍රධාන අමාත්‍ය ජයසේකර මහතා වෙනුවෙන් අන්තර්ජාල ප්රචාරණයේ යෙදී සිටින ඔහුගේ ගෝලබාලයින් විසින් සෙසු අපේක්ෂකයින්ගේ තේමා පාඨයන් සොරගෙන දයාසිරි මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතීන් සදහා යොදාගැනීමේ නින්දා සහගත වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බැවිනි.
මෙහි ආසන්නතම ගොදුර බවට පත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින අසංක නවරත්න මහතාය. අසංක නවරත්න මහතා විසින් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගෙන තිබූ ‘සදාචාරාත්මක දේශපාලනයේ වයඹ හෘද සාක්ෂිය’ යන තේමා පාඨය අමු අමුවේ කොපි කළ දයාසිරි ජයසේකර මහතාගේ ගෝලබාලයින් එය ‘වයඹ අපේ හෘද සාක්ෂිය’ ලෙස වෙනස් කර ඒ මහතාගේ මනාප අංකයද ඇතුලත් කර සැකසූ නිර්මාණයක් මේ වන විට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පුරා මුදාහරිමින් සිටිති.
පහත දැක්වෙන්නේ විසින් නාමයෝජනා ලබාදීමටත් පෙර සිය මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදාගෙන තිබූ පෝස්ටරයක් සහ එය අනුකරණය කරමින් මීට පැය කිහිපයකට පෙරදී දයාසිරි මහතාගේ ගෝල බාලයින් අතින් නිර්මාණය වූ නව නිර්මාණයයි.