
මෙහිදී අප මුහුන දෙන අවාසනාවන්තම කාරණය වන්නේ මානව හිමිකම්, මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අරගල කරද්දී අප හා කරට කර සටන් කලවුන් මෙම මොහාෙතේදී මුස්ලිම් විරෝධී මතයක සිට ක්‍රියා කිරීමේ ඛේදවාචකයයි. එය විස්වාශ කල නොහැකි කාරණයක් මෙන්ම දරාගත නොහැකි පාඩුවක්ද වේ.
මේ සියල්ල හමුවේ අපට අැති ප්‍රබලම සහනය වී අැත්තේ මෙම ගැටළුවේදී අසංවිධිත ජනයා හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ජාතිවාදී අයුරින් හැසිරීමට උත්සාහ නොදැරීම වේ.
NGO කාරයන්, ඩොලර් කාක්කන් නැතහොත් සංහිඳියා කාරයන් ලෙසින් අපව අපහසුතාවට ලක් කරන්නට බොහෝ පාර්ශවයන් උනන්දු වුවත් ලංකාවේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට විශේෂයෙන් පැවිදි පාර්ශවයන්ට අතීතයේදී ඔවුන් සිටි ස්ථාවරයන්ගෙන් මිදී ශීලාචාර වන්නට හා නීතියේ අාධිපත්‍ය තුල ක්‍රියා කරන්නට ඉගැන්වූවේ අප බව නිර්භයව හා සාඩම්බරව පැවසිය හැකිය. ඊට ජාත්‍යන්තරය විසින් කරන ලද කාර්යභාරයද සුලුපටු නොවේ.
ඥානවීර දිසානායක.