කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5 ට ලිහිල් කර තිබේ.
අද සිට 6 වැනි දා දක්වා සෑම දිනකම අලුයම 5 ට එම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කර යළි රාත්‍රී 8 ට පනවනු ඇත.
නමුත් අනිද්දා(6) රාත්‍රී 8 සිට 11 වැනි දාඅලුයම 5 දක්වා මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
ලබන 11 වැනි සඳුදා සිට ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කළයුතු බව ජනාධිපති කාර්යාලය පසුගිය දා නිවේදනය කළේ ය.
ඒ, කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදීය.
මේ අතර ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැරට යාමට දෙන අවසරය අදාළ වන්නේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස්වලින් බැහැරව යාමට මෙය කිසිසේත් අදාළ නොවන බවයි.
කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොලැබෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අද සිට අත්අඩංගුවට ගත්නා බවය.
dinamina.lk