නියමිත දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා ( එජනිස) හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද ( 15 දා ) පස්වරු නියෝග කළේය.
මන්ත්‍රීවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 1999 ජනාධිපතිවරණ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් දිනයේ ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයක ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අද දින මෝසමක් මගින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණු මන්ත්රීවරයෙකුව කටයුතු කළ සනත් නිශාන්ත පෙරේරා මහතා 1999 දෙසැම්බර් මස 20 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ජීව උණ්ඩ පහක් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිශාන්ත පෙරේරා මහතාට සහ ආර්. ඒ. නිහාල් ඇන්ටනි යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුව පසුගිය 25 වන දින විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර අද දින මෝසමක් මගින් අධිකරණය හමුවට ඉදිරිපත් විය.
එහිදී විත්තිකාර මන්ත්‍රීවරයා විසින් නියමිත දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම පිළිබදව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔහුව හෙට ( 16 දා ) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කළේය.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු