හලාවත – ආණමඩුව මාර්ගයේ බංගදෙණිය ප්රදේශයේදී සිදුවී ඇති අනතුරකින් 26 හැවිරිදි ඉන්දීය ජාතිකයෙතු ඇතුළු තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
30 වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇත.
ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පිරිමි 02 කු සහ කාන්තාවකි.ඉන්දීය ජාතිකයා ඔවුන් අතර සිටි අයෙකි.ඔවුන් යාපනයේ සිට ජා – ඇල දක්වා ගමන් කරමින් තිබී ඇත.
හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවන වී ඇති ලොරිය නවතා තිබූ ත්රී රෝද රථයක් මාර්ගයට ප්රවිශ්ඨ කිරීමත් සමග එය පසු කර යාමට උත්සාහ කර ඇත.අනතුර සිදුවී ඇත්තේ එම අවස්ථාවේදීය.
අනතුරට පත්ව ඇති වාහන දෙකම අධික වේගයෙන් ගමන් කර ඇති බව පොලීසිය කියයි.
හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.සමරවීර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන 31334 විපුල, 51757 චන්දන,31604 රත්නායක,පොලිස් කොස්තාපල් 31604 ජයලත් යන නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත