පසුගිය 02 වැනිදා සවස ආරච්චිකට්ටුව – වීරහේන මංසන්ධියේදී අධික වේගයෙන් ධාවනය වී ඇති ත්රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීම හේතුවෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ නල්ලදරන්කට්ටුව – පාන්කුලාව පදිංචිව සිටි අබේවික්රම සමරකෝන් විදාන මුහන්දිරම්ලාගේ අමිලා ඉෂාන්ති (අවු:53) නම් අයෙකි.
අනතුරින් මිය ගොස් ඇති කාන්තාවගේ 16 හැවිරිදි පුතෙකු,තවත් කාන්තාවක් සහ ත්රී රෝද රථයේ රියදුරු තුවාල ලබා ඇත.තුවාලකරුවන් සියළුම දෙනා එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් එක් කාන්තාවක් මිය ගොස් ඇත.
ත්රී රෝද රථය පැදවූ රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.