Saturday, January 18, 2025

අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයින් 140 ක් නීරෝධායනයට

Must read

නිරෝධායනය

හලාවත – අඹකදවිල,හලාවත – මුගුණුවටවන  සහ ආරච්චිකට්ටුව – අඩිප්පල යන ප්‍රදේශ වල පවුල් 38 ක පුද්ගලයින් 140 දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ආරච්චිකට්ටුව – අඩිප්පල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 08 ක පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධානයනයට ලක් කර ඇත.කොරෝනා ආසාධියෙකු බවට හදුනා ගෙන ඇත්තේ හලාවත නගරයේ පාසලක 12 වැනි වසර ඉගෙණුම ලබන සිසුවෙකි.නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති අතර.එම පාසල් දරුවාගේ පවුලේ අය සහ සමීපතයින්ද වේ.එම පාසල් දරුවා පසුගිය සති අන්තයේ ගම්පහ පැවැත්වෙන පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇත.මෙම දරුවා සමග වෑන් රථයක ගමන් කළ බව කියන තවත් සිසුන් 17 දෙනෙකු සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමු වී ඇත.

මෙම දරුවා පසුගිය 06 වැනිදා හලාවත –  බංගදෙණිය ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇත.එම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පාසල් සිසුවා පී.සී.ආර්.පරීක්ෂණය සදහා යොමු වී ඇත.එම වෛද්‍යවරයාද පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කර ඇති අතර,ඔහු ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටී.එම වෛද්‍යවරයා හලාවත මහා රෝහලේ සේවය කරන අයෙකි.

මේ අතර,හලාවත – අඹකදවිල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙකු පසුගිය 08 වැනිදා දහවල් වාර්තා විය.අඹකදවිල ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසද මෙම අය කටයුතු කර ඇත.එම අය තවත් පිරිසක් සමග පසුගිය සතියේ නුවරඑළියේ චාරිකාවක නිරතව ඇති බවටද සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අඹකදවිල ප්‍රදේශයේ පවුල් 10 ක පුද්ගලයින් 52 කු නීරෝධායනය සදහා යොමු කර ඇත.ඒ අතර කතෝලික පුජක තුමන්ලා දෙදෙනෙකුද වේ.

ඒ අතරින් එක් කතෝලික පියතුමෙකු මාරවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සාත්තු නිවාසයකින් ප්‍රතිකාර ලබා ගෙන ඇත.එම සාත්තු නිවාසයේ සේවය කරන අක්ෂි වෛද්‍ය විශේෂඥවරයෙකු ඇතුළු 09 දෙනෙකුව ස්වයං නීරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

එම කතෝලික පියතුමා සමග ආගමික වතාවත් සදහා එක්වූ බව කියන කන්‍යා සොයුරියන් 05 දෙනෙකු ඇතුළු 37 දෙනෙකුවද ස්වයං නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.එම පිරිස කන්‍යාරාමයක සහ නිවෙස් වල පදිංචිකරුවන්ය.

මේ අතර අඹකදවිල දේවස්ථානයේ පුජක තුමන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බව කියන නාත්තන්ඩිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීරුන් 04 දෙනෙකුව ස්වයං නීරෝධායනයට ලක් කර ඇත.පසුගිය 08 වැනිදා නාත්තන්ඩිය ප්‍රදේශීය සභාවේ මාසික රැස්වීම පවත්වා ඇත.එයට සහභාගි වූ සියළුම මන්ත්‍රීවරුන්ටද නිවෙස් වල රැදී සිටින ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත.

මේ අතර, මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාධිතයින් දෙදෙනෙකු පසුගිය 01 වැනිදා හලාවත – ජයබිම සහ මුගුණුවටවන පිහිටි තම නිවෙස් වලට පැමිණ ඇත.එම නිවෙස් දෙකේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකුවද ස්වයං නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article