Saturday, September 21, 2024

PHTC නිල වෙබ් අඩවිය ජනගත කෙරේ

Must read


උතුරු මැද පළාතේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයෙහි (Provincial Health Training Center- PHTC) නිල ‌වෙබ් අඩවිය ජනගත කිරීම සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති අතර, එහිදී මේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරිණි. මේ PHTC ආයතනය යනු සෞඛ්‍ය සේවා ශ්‍රම බළකායේ ධාරිතා වර්ධනය සඳහා අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සේවා සැපයීමේ වගකීම දරන උතුරු මැද පළාත් සභාවේ පිළිගත් පුහුණු මධ්‍යස්ථානයයි.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ‌නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‌වෛද්‍ය අසේල ගුණවර්ධන, නි‌යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) ජී. විජේසූරිය, නි‌යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්. එම්. එන්. දිනිප්‍රිය, ‌වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‌වෛද්‍ය ඩබ්. එම්. පාලිත බණ්ඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‌වෛද්‍ය දිලිප් එච්. ලියනගේ මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ද, විශේෂඥ ‌වෛද්‍ය, ‌වෛද්‍ය, හෙද ඇතුළු‌ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article