(11.02AM) දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව සහ ජන කණ්ඩායම් විසින් PCR පරීක්ෂන අවශ්‍යබවට සිදුකරන ඉල්ලීම් ඒ ආකාරයටම ඉටුකළ නොහැකිවීම සම්බන්ධයෙන් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මෙම පරික්ෂණය ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ නොහැකි බවත් විද්‍යාත්මක සාධක මත සෞඛ්‍ය අංශ විසින් තීරණය කර ඒ අනුව සිදුකළ හැකි පරීක්ෂණයක් බවත් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.
PCR පරීක්ෂණය ජනතාවගේ ඉල්ලීම මත පමණක් සිදුකළ නොහැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
