(5.03pm) මාධ්‍ය පුවරුවට මුවාවී මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව් (04) දෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 24 වැනිදා මම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ” මීඩියා (MEDIA) යනුවෙන් සදහන් පුවරුවක් සැකකරුවන් ගමන් කරමින් සිටි වාහනයේ ප්‍රදර්ශණය කර තිබී ඇත. එමෙන්ම ඔවුන් සතුව දේශපාලන පක්ෂයකින් නිකුත්කරන ලද මාධ්‍ය හැදුණුම්පතක්ද තිබී ඇත.
සැකකරුවන් ගමන් කර ඇති වාහනයේ තිබී මැතිවරණ අත් පත්‍රිකා100 ක්, පෝස්ටර් 298 ක්,අත් පත්‍රිකා 430 ක්,ස්ටිකර් 04 ක්,දේශපාලකයෙකුගේ නම සදහන් ටී ෂර්ට් 03 ක් සහ අත් පන්දු දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් තරාදිය ලකුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට සහාය පල කිරීම සදහා මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිට ඇත.මාර්ග බාධක වලින් සහ පොලිස් නිලධාරීන්ගෙන් ගැලවී මැතිවරණ ප්රචාරක කටයුතු කර ගැනීම සදහා සැකකරුවන් මීඩියා පුවරුව භාවිතා කර ඇති බව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.
ජූඩ් සමන්ත.