Sunday, January 19, 2025

BMICH වෙන්දේසියේ විකුණනවාලු. දැන්වීම මෙන්න !

Must read

”බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව – වෙන්දේසියේ විකිණීම” යන ශීර්ෂ‍ය යටතේ අද ජාතික පුවත්පතක දැන්වීමක් පළ වී තිබේ.

bmich_ wendesi

ඒ අනුව එම දැන්වීම දකින අයෙකුට එක්වරම හැගීන්නේ එය බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙන්දේසියේ විකිණීම සදහා පළ කර ඇති දැන්වීමක් ලෙසය.

නමුත් එම දැන්වීමේ අන්තර්ගතයෙහි දැක්වෙන්නේ වෙන්දේසියේ විකුණන්නේ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව නොව එහි පාවිච්චි කරන ලද භාණ්ඩ සහ උපකරණ තොගයක් බවයි.

බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙනුවෙන් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක මෙම දැන්වීම පළකර ඇත්තේ 123 වසරක් අත්දැකීමක් සහිත බව කියන ‍වෙන්දේසි ආයතනයක් විසිනි.

පාවිච්චි කළ සහ අබලි ද්‍රව්‍ය විකිනීම වෙනුවෙන් දැන්වීම් පළකිරීමම සදහා ‍කිසිවෙකුට තහනමක් නැතත් ශ්‍රී ලංකාව සතු ප්‍රධානතම සම්මන්ත්‍රණ ශාලාව සහ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක් වන බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිළිබද දැන්වීම් පළකිරීමේදී මීට වඩා සැලකිල්ලකින් වචන පාවිච්චි කළ යුතුව තිබූ බව අපේ අදහසයි.

අදාළ දැන්වීම පහත දැක්වෙයි.

bmich_ wendesi2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article