කුරුණෑගල, මිල්ලව, පිලීකඩ හන්දියේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කාර්යාලයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙලෙස අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය කරමින් පිලැස්ස කොට්ඨාශයෙන් තරග වදින අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන කාර්යාලයකටය. කාර්යාලය වෙත එල්ල කළ අත්බෝම්බය පිපිරී නොයෑම හේතුවෙන් පුද්ගලයින්ට හෝ එහි දේපළවලට හානි සිදු වී නොමැත.
අද උදෑසන මෙම කාර්යාලය වෙත පැමිණි ආධාරකරුවන් පිරිසක් විසින් කාණුවකට වැටී තිබූ අත් බෝම්බය දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. අදාල අත් බෝම්බයේ ආරක්ෂක අගුල ඉවත්කර තිබූ අයුරුද දැකගත හැකි විය. ඊයේ (20 දා) රාත්‍රියේ පැමිණි කිසියම් පිරිසක් විසින් මෙම කාර්යාලය දෙසට අත් බෝම්බය දමා ගසන්නට ඇති බවත්, එය පිපිරී නොයා තාප්පයක වැදී කාණුවට වැටෙන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි. කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, වයඹ පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මෙම කාර්යාලය විවෘත කර ඇත්තේද ඊයේ පස්වරුවේදීය. කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ ජන හමුවක්ද පවත්වා ඇති බව පොලිසිය කියයි.
කුරුණෑගල මූලස්ථාන පොලිසිය අත්බෝම්බ ප්‍රහාරය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.