Sunday, November 24, 2024

එක්ලක්ෂ පනස් දහසක මාසික කුලියට ගත් මිල්ලව නිවසක කසිප්පු පෙරලා !

Must read

millawa_kasippu

කුරුණෑගල , මිල්ලව ප්‍රදේශයේ සුඛෝපභෝගි දෙමහල් නිවසක ගෑස් භාවිතා කරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරුම්පොළක් වටලා පෙරුම් උපකරණ, ලොරි රථයක් සහ ගෝඩා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අලව්ව පොලිසියේ නිලධාරිහු විසින් ඊයේ  ( 09 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව අලව්ව පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් මිල්ලව ප්‍රදේශයට පැමිණ මෙම වැටලීම සිදුකළහ. මිල්ලව විහාරස්ථානය පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් වන මෙම නිවෙසේ හිමිකරු දැනට විදේශයක පදිංචි වී සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ජා ඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මාසික කුලියකට මෙම නිවස ලබාගැනීමෙන් පසුව එතුළ කසිප්පු පෙරීමේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එම කාන්තාවගේ පුත්‍රයෙකු වන අතර අනෙක් තැනැත්තා සහ කසිප්පු පෙරීම සදහා යොදවාගෙන තිබූ හවුල්කරුවෙකු බවද පොලිසිය කියයි. පොලිසිය විසින් මෙම නිවස වටලන අවස්ථාවේදීත් සැකකරුවන් විසින් එම නිවස තුළ කසිප්පු පෙරමින් සිට ඇති අතර, එම ස්ථානයේ තිබූ කසිප්පු ස්ප්‍රිතු බෝතල් 1200 ක්, ලීටර් 195 ප්‍රමාණයේ ගෝඩා බැරල් 30 ක්, ගෑස් ටැංකි 10 ක්, ගෑස් ලිප් 5 ක්ද, සීනි මිටි 03 ක්, කම්බි දගර 06 ක්, විදුලි මෝටරයක් සහ පොලිතින් තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් විසින් මාස 03 පමණ කාලයක් මෙම නිවස තුළ කසිප්පු පෙරීම සිදුකරගෙන ගොස් ඇතත්, අසල්වාසීන් ඒ පිළිබදව කිසිත් නොදැන සිටි බව පොලිසිය කියයි. ප්‍රදේශවාසීන්ට කිසිදු සැකයක් ඇති නොවනු පිණිස කසිප්පු පෙරීමේ අමුද්‍රව්‍ය ඉතා දුරබැහැරින් මිලදීගෙන මිල්ලව පිහිටි නිවස වෙත ගෙනවිත් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.රාත්‍රි කාලයේදී කසිප්පු නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති ලොරි රථය මගින් ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බොදාහැරීමට සැකකරුවන් කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ. සැකකාර කාන්තාව විසින් නිවෙස් කුලියට ගෙන කසිප්පු පෙරීමේ ජාවාරම කලක් තිස්සේ පවත්වාගෙන යන බවත්, කසිප්පු පෙරීමට යොදාගන්නා නිවාස මාස කිහිපයෙන් කිහිපයට මාරුකරන බවද පොලිසිය කියයි. වෙන්නප්පුව, මහව ඇතුලු ප්‍රදේශ කිහිපයක නිවාස කුලියට ගැනීමෙන් පසුව මෙම කාන්තාව විසින් පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරම් කිහිපයක්ම පසුගිය කාලයේදී පොලිසිය විසින් වටලනු ලැබීය.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත අලව්ව පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍ර මහතාගේ මෙහෙයවීමෙන් , උප පොලිස් පරීක්ෂක තාරක ජයසිංහ සහ කුමාරසිංහ, පොලිස් සැරයන් කරුණාරත්න, වෑත්තෑව, පොලිස් කොස්තාපල් කුරුප්පු, විජේරත්න,‍ කොස්ගොල්ල, විමලරත්න, පොලිස් රියදුරු සම්පත්, පොලිස් ආරක්ෂක සහායක රාජපක්ෂ සහ උපාලි යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

මෙම මෙහෙයුමේ සුවිශේෂි අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

millawa_kasippu_14

millawa_kasippu_15

millawa_kasippu_1

millawa_kasippu_2

millawa_kasippu_3

millawa_kasippu_4

millawa_kasippu_5

millawa_kasippu_6

millawa_kasippu_7

millawa_kasippu_8

millawa_kasippu_10

millawa_kasippu_12

millawa_kasippu_9

millawa_kasippu_16

millawa_kasippu_13

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article