Tuesday, November 19, 2024

මිනුවන්ගොඩ ඕ අයි සී ට වරෙන්තු !

Must read

අධිකරණ නියෝග නොසලකා හැරි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ගම්පහ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වරෙන්තු නිකුත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (10 දා ) නියම කළේය.

රුපියල් 24000 ක් වටිනා රන් මාල කොල්ලයක් සහ හොරබඩු ළග තබාගැනීමේ චෝදනාවකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට දිගින් දිගට නියෝග ලබා දී තිබුනත් මේ දක්වා එම නියෝග ක‍්‍රියාත්මක නොවීම අධිකරණ නියෝග නොසලකා හැරීමක් ලෙස සලකා මිනුවන්ගොඩ ස්ථානාධිපතිවරයා වෙත වරෙන්තු නිකුත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා විසින් ගම්පහ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත මෙලෙස නියම කළේය.

මෙම නඩුව සැප්තැම්බර් මස 17 වැනිදා නැවත කැදවීමට නියමිතය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article