Saturday, November 23, 2024

කතක හප්පා තුවාල කළ ගම්පහ දොස්තරට ඇප.

Must read

අපරික්‍ෂාකාරීව රිය පදවා කාන්තාවකට තුවාල සිදුකළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (10 දා ) නියෝග කළේය.

මෙලෙස ඇප නියම කෙරුණේ සදලංකාව ප‍්‍රදේශයේ පදිංචි , ගම්පහ මහ රෝහලේ සේවයේ නියුතු බව කියන ප‍්‍රබෝධ නවරත්න නැමති වෛද්‍යවරයෙකුටය.

සැකකාර වෛද්‍යවරයා විසින් පදවමින් සිටි මෝටර් රථය කුලියාපිටිය, කිතලව ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක ගැටීම නිසා කාන්තාවකට තුවාල සිදු වූ බව පවසමින් කුලියාපිටිය පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරා වෛද්‍යවරයාට ඇප නියම කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා වෛද්‍යවරයාගේ රියදුරු බලපත‍්‍රය අධිකරණ භාරයේ තබන ලෙසටත්, අදාළ පරීක්ෂණ කඩිනමින් නිම කර අධිකරණයට වාර්තාකරන ලෙසටත පොලිසිය වෙතටත් නියෝග කළේය.

කුලියාපිටිය රථවාහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දසනායක සහ පොලිස් සැරයන් චන්ද්‍රරත්න (14003) යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ චම්පික ලසිතකුමාර මහතා විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටියේය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article