Sunday, November 24, 2024

කුරුණෑගලට කුඩු බෙදූ පොකැට් ජයන්ත සහ ගෝල ඩබලක් පොල්අත්තාපිටියේදී මාට්ටු වෙති.

Must read

pocet _jayantha

කුරුණෑගල සහ අවට ප‍්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදාහැරීමේ යෙදුණු බව කියන පොකැට් ජයන්ත නැමැති ජාවාරම්කරුවෙකු සහ ඔහුට ඒ සදහා සහය වූ තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු, මිලිග‍්‍රෑම් 6450ක මත්කුඩු තොගයක්ද සමග කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් කුරුණෑගල, පොල්අත්තාපිටිය ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගනු ලැබූහ.

උප පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා වෙත ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගැණුනේ පොල්අත්තාපිටිය, මැල්කන්ද ප‍්‍රදේශයේ පදිංචි, පොකැට් ජයන්ත සහ පච ජයන්ත යන නම්වලින් හැදින්වෙන  පුද්ගලයෙකි. එම ජාවාරම්කරු සතුව තිබූ මත්කුඩු මිලිග‍්‍රෑම් 2150 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සැකකරු යොදාගනිමින් කළ දුෂ්කර මෙහෙයුමකට අනුව කොළඹ සිට කුරුණෑගලට මත්කුඩු ගෙනැවිත් දෙන සැපයුම්කරුවෙකුද මිලිග‍්‍රෑම් 2200 ක මත්කුඩු තොගයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ප‍්‍රධාන සැකකරු විසින් මත්කුඩු බෙදාහැරීමට යොදවාගත් ගත් බව කියන සහායකයෙකුද මෙම මෙහෙයුමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබූ මත්කුඩු මිලිග‍්‍රෑම් 2100 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන පොකැට් ජයන්ත නැමැත්තා හෙරොයින් සහ කසිප්පු ඇතුලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් පෙර වැරැදි ගණනාවක් ඇති අයෙකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් නිහාල් කිරින්දේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස් මත, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සමරසිංහ, පොලිස් සැරයන් කුමාරසිරි (27911) , පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර (38541) , චන්ද්‍රරත්න (58147) සහ පොලිස් ආරක්ෂක සහායක (231) යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article