– අදාළ පුද්ගලයා කුරුණෑගල සන්ධාන කාර්යාලයට නිතර ආගිය අයෙක්.
– ඇතැම්විට ඔහු ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු විය හැකියි.
– අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආයුධ සන්නද්ධව සිටි බවක් වාර්තා වෙන්නේ නෑ.
– මෙවැනි කතා පතුරවා හැරීමෙන් වෙන්නේ දිස්ත්‍රික්කය තුළ පවතින සාමකාමී පරිසරය විනාශවීමයි.
කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළදී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන ප්රයත්නයක් සදහා පැමිණි අයෙකු නොවන බව විවිධ අංශවලින් සිදු කළ පරීක්ෂණ ඔස්සේ තමන්ට නිරීක්ෂණය වී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04 දා ) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එම පුද්ගලයා කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයට නිතර ආගිය අයෙකු බවත්, ඇතැම් විට එම පුද්ගලයා ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු විය හැකි බවත් කී තෙන්නකෝන් මහතා ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ආයුධ සන්නද්ධව සිටි බවක් වාර්තා වී නැතැයිද කීය.
මෙවැනි කතා පතුරවා හැරීම තුළ අවසන් වශයෙන් සිදුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මේ වන විට පවතින සාමකාමී තත්වයට බාධා එල්ලවීම පමණක් වන බවද තෙන්නකෝන් මහතා කියයි.
එහි වීඩියෝව පහතින් බලන්න.