Friday, November 22, 2024

මහින්ද සමග නැගිටින්න ගිය තව දෙන්නෙක් ඇල්ලෙන් අල්ලයි.

Must read

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජයරත්න හේරත් මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක අත්පත‍්‍රිකා තොගයක් සහ ස්ටිකර් තොගයක් නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් සිටි බව කියන ලොරි රථයක් සහ සැකකරුවන් දෙදෙනෙකු මහව මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (02 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.

මැතිවරණ නීති උල්ලංඝණය වන පරිදි ලොරි රථයක පටවාලත් අත්පත‍්‍රිකා තොගයක් කුරුණෑගල සිට ගල්ගමුව දෙසට ප‍්‍රවාහනය කරන බවට ලැබී තිබූ තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මහව මූලස්ථාන පොලිසිය එක්ව ඇල්ල ප‍්‍රදේශයේදී මාර්ග බාධක යොදා කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පත‍්‍රිකා තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.ආධාරකරුවන් පිරිසක් වෙත බෙදාදීම සදහා රැුගෙන යමින් තිබූ බව කියන අපේක්ෂක ජයරත්න හේරත් මහතාගේ මහතාගේ රුව රැගත් අත්පත‍්‍රිකා 700 ක් සහ ‘මහින්ද සමග නැගිටිමු’ ලෙස මුද්‍රණය කර තිබූ ස්ටිකර් 60 ක් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහව වැඩබලන මහේස්ත‍්‍රාත් ගීතා හේරත් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට එහිදී නියෝග කළේය. මුදාහැරුණු පුද්ගලයින් පොල්ගහවෙල සහ කුරුණෑගල, බමුණුගෙදර යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මීට අදාළ නඩුව අගෝස්තු මස 26 වැනිදා මහව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියමිතය.අත්පත‍්‍රිකා තොගය ප‍්‍රවාහනය කිරිමට යොදාගෙන තිබූ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර මහව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහව සජීවා කෝට්ටෙගොඩ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article