ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වජ්ර ජයන්ති සැමැරුම් උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 වැනිදා පස්වරුවේ විද්‍යාලයීය පී.එම්. ජයතිලක ශාලාවේදී පැවැත්විණි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කෙරුණු මෙරට තෙවැනි මධ්‍ය විද්‍යාලය වන ඉබ්බාගමුව මැදි විදුහලට 75 වසරක් සපිරීම නිමිත්තෙන් මෙම සැමැරුම් උළෙල සංවිධානය කර තිබිණි.
ඉබ්බාගමුව මැදි විදුහල් 75 වැනි සංවත්සරය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මුල් දින කවරය සහ මුද්දරය තැපැල් සහ තැපැල් සේවා අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්විණි. විදුහලට කීර්තියක් ගෙන දෙමින් විවිධ ක්ෂේත්රයන්හි සුවිශේෂි දස්කම් දැක් වූ විද්‍යාලයේ වත්මන් සහ ආදි සිසු සිසුවියන් පිරිසක් ඇගයීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් සහ විදුහලේ ආචාර්ය මණ්ඩලය, ආදි සහ වත්මන් සිසු සිසුවියන් , මව්පියන් ඇතුලු පිරිසක්ද සහභාගි වී සිටියහ.
වයඹ ටුඩේ කැමරාවේ සටහන් වූ මැදි විදුහල් වජ්ර ජයන්ති සැමැරුම් උළෙලෙහි විශේෂ අවස්ථාවන් කිහිපයක් පහත දැක්වෙයි.