Saturday, November 23, 2024

ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය ලංකාවේ ලොකුම පිට්ටනියේදී පවත්වන්නැයි දොඩම්ගස්ලන්දෙන් ඉල්ලීමක් !

Must read

dodamgaslanda_slfp_pressමහනුවරදී පැවැති පක්ෂ මැයි රැළියේදී ලැබූ සාර්ථකත්වය තුළ තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හයවැනි පක්ෂ සංවත්සර උළෙල ශ‍්‍රී ලංකාවේ විශාලතම පිටියේදී පවත්වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ක‍්‍රියාකාරිහු පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොඩම්ගස්ලන්ද ක‍්‍රියාකාරිහු මේ බව ප‍්‍රකාශ කළේ  පෙරේදා ( 04 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොඩම්ගස්ලන්ද ප‍්‍රධාන සංවිධායක , හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් විජේසිංහ මහතා මෙලෙස පැවැසීය.
‘‘ ගාලුමුවදොරට පැමිණි සෙනග ගැන සමහර අය උදම් අනනවා. අපිට ඒ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. ගාලුමුවදොරට ආවෙත්, මහනුවරට ආවෙත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොම තමයි. ඇයි අපි මේ දෙකට බෙදලා වෙන්වෙලා පක්ෂය දෙකට කඩන්න හදන්නේ. අපි සියලුම ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට කියන්නේ ඔබ පක්ෂයට ආදරෙයි නම් අපි එකට ගමනක් යමු කියලයි. මේ දෙගොල්ල එකතුවුනොත් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන එක මහලොකු අභියෝගයක් නෙවෙයි. මහනුවර ජන රැළියේදී අතිගරු ජනාධිපතිතුමා කතාකළේ කම්කරු අයිතින් පිළිබදව. කම්කරුවන් වෙනුවෙන් යෝජනා ගණනාවක් මේ මැයි රැළියේදී ඉදිරිපත් වුණා. නමුත් සමහර මැයි රැළිවලදී කතාකළේ ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවට එන එක වළක්වන හැටි ගැන, වෙසක් දවසට කලුකොඩි උස්සන එක ගැන. අපිට හැමදාමත් අතහිත දෙන රටක් එක්ක සමගියෙන් කටයුතු කිරීම වැරැද්දක්ද කියලා අපි ඒ නායකයින්ගෙන් අහනවා. ඔලුගෙඩි ටිකක් දැකලා දේශපාලන තීන්දු තීරණ ගන්න එපා කියලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා තරග කරනකොට යාපහුවේ තිබුණු රැස්වීමට ලක්ෂයකට වැඩි පිරිසක් ඇවිත් හිටියා. වැටවල් කඩාගෙන තමයි මිනිස්සු පිට්ටනියට ආවේ. එදා ඒ සෙනග දැකලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අපි ඒකාන්තයෙන්ම දිනනවා කියලා. නමුත් ඒ ජනාධිපතිවරණයේදීම මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පොල්ගහවෙලට ආවාම ඒ රැස්වීමට හිටියේ දෙතුන් දාහක සෙනගක් විතරයි. නමුත් ලක්ෂ ගණනක් සෙනග ආපු මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදිලා දෙතුන් දාහක් සෙනග හිටපු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග‍්‍රහණය කළා. ඒ නිසා සෙනග දිහා බලලා ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගන්න බැහැ.“

එහිදී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක ඒ. ඒ. ඒ. ලතීෆ් මහතා මෙසේ පැවැසීය.
‘‘ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය පැවැත්වුණේ පසුගිය මැයි පළමුවැනිදා කිව්වොත් අපි නිවැරදියි. ඕනෑම ජනහමුවක්, ඕනෑම සංවත්සරයක්, ඕනෑම රැළියක් පවත්වපුවාම ඒ ඒ අය කියන්නේ අපේ එකේ තමයි වැඩිපුරම සෙනග හිටියේ කියලා. ඒක ලංකාවේ දේශපාලනය තුළ සාමාන්‍ය සිදුවීමක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින ඉතිහාසය දිහා බලපුවාම අපේ පක්ෂයේ සභාපතිවරයා විදිහට අතිගරු ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වය දීපු මෙවර මැයි රැළිය ශ්‍රේෂ්ඨයි කියලා අපි කියනවා. පසුගිය මැතිවරණ දෙකකදී අපි පරාජය ලබලා ඉතාම කෙටි කාලයක් තුළ අතිගරු ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වය දීපු මේ මැයි රැළියට දිවයිනේ හතර දිග්බාගයෙන්ම ඇදුණු මහා ජනගගදිහා බලලා තමයි අපි කියන්නේ මේ මැයි රැළිය තමයි ලංකාවේ පැවැත්වුණු දැවැන්තම මැයි රැළිය කියලා. දකුණේ සිංහල ජනතාව වගේම උතුරුකරේ, නැගෙනහිර ඇතුලු සමස්ත ජාතීන්ම එකාවගේ මේ මැයි රැළියට සහභාගි වුණා. තවත් විශේෂ කාරණාවක් තමයි තරුණ තරුණියෝ විශාල පිරිසකුත් මේ මැයි රැළියට සහභාගි වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වත්මන් ජනාධිපතිවරයා පිළිබදව දක්වන සුබවාදී ආකල්පය තමයි මේ සහභාගිත්වය තුළින් පෙනෙන්නේ. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නිදාගෙන ඉන්න පක්ෂයක් කියලා කවුරු හරි කියනවා නම් ඒක බොහොම වැරදි මතයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තැන නිවැරදි තීන්දු ගත්ත පක්ෂයක් හැටියට අපි ඉතිහාසය පුරාම දැකලා තියෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වපු මේ මැයි රැළිය වෙනත් මැයි රැළි සමග සංසන්දනය කරනවා මම දැක්කා. අපිට මේක ගුවනින් රූපගත කරලා ජනතාවට පෙන්වන්න බැරිවීම අපෙන් වෙච්ච අඩුවක් විදිහට අපි දකිනවා. මොකද මේ ක‍්‍රීඩාංගණයේ විතරක් නෙවෙයි මුලු මහනුවර පුරාම ජනතාව සීසීකඩ විසිරිලා හිටියා. ප‍්‍රධාන පාරවල් දෙකකින් පැය හය හමාරක් තිස්සේ මිනිස්සු පිට්ටනියට ආවා. අපේ පක්ෂයේ හැට හය වැනි සංවත්සරය ළග ළගම එනවා. ඒ නිසා වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. ලංකාවේ විශාලම පිට්ටනිය කොහේද තියෙන්නේ අන්න එතැන අපේ පක්ෂයේ හැට හය වැනි සංවත්සරය පවත්වන්න ලෑස්තිකරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ’’

එහිදී අදහස් දැක් රිදීගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී නිමල් ජයතිස්ස මහතා මෙසේ පැවැසීය.
‘‘මම වසර ගණනාවක් තිස්සේ පක්ෂයේ මැයි රැළි ගණනාවකට සහභාගි වෙලා තියෙනවා. නමුත් මේ වගේ ජනගගක් කිසිම දවසක මම දැක්කේ නැහැ. ඒ නිසා මහනුවර මැයි රැළියෙන් ජනතාව දීපු ශක්තියත් එක්ක ඕනෑම වෙලාවක අපි මැතිවරණයකට ලෑස්තියි කියලා අපි කියනවා. ’’

එහිදී අදහස් දැක් රිදීගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. එස්.එම්. ෆායිස් මහතා මෙසේ පැවැසීය.
‘‘ ඇත්තෙන්ම මට මහනුවර මැයි රැළියට සහභාගි වෙන්න ගියාට පස්සේ ලොකු කේන්තියක් ආවා. මොකද ගාලුමුවදොරට වැඩිය ලොකු පිට්ටනියක් අපිට හොයාගන්න බැරිවුණාද කියලා ඇත්තමට මට හිතුණා. මොකද එච්චරටම විශාල ජනගගක් එදා මහනුවරට ගලලා තිබුණා.“

මාධ්‍ය හමුවට එක් වී සිටි පිරිස

dodamgaslanda_slfp_press_1නිමල් විජේසිංහ මහතා අදහස් දක්වමින්dodamgaslanda_slfp_press_2ඒ. ඒ. ඒ. ලතීෆ් මහතා මහතා අදහස් දැක් වූ අයුරුdodamgaslanda_slfp_press_4නිමල් ජයතිස්ස මහතා අදහස් දක්වමින්dodamgaslanda_slfp_press_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article