Friday, November 22, 2024

” මෛත‍්‍රීපාල අත්අඩංගුවට ගන්න. ” පොල්පිතිගමින් මහින්දට ඉල්ලීමක් ( මැතිවරණ රස කතා – 01)

Must read

මැතිවරණය ළං වීමත් සමග දේශපාලන ‍වේදිකාවලදී කියන, කියැවෙන , සිදු‍වෙන දේවලද දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. මැතිවරණ වේදිකාවලදී දේශපාලනඥයින් මුල්කරගනිමින් සිදුවන එවැනි රසවත් සිදුවීම්ද බොහෝය. පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින්ට මැතිවරණ වේදිකාවන්හිදී සිදුවන අත්වැරදීම්, කටවැරදීම් සහ මුහුණ දෙන්නට සිදු වූ දුලබ අත්දැකීම් එක් රැස් කරමින් ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය අදින් අරඹන නවතම විශේෂාංගයයි, ” මැතිවරණ රස කතා “.

කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොල්පිතිගම , එගොඩගම මංසන්ධියේදි පසුගියදා ජනහමුවක් පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා සිය කතාව ආරම්භ කළේ සැහැල්ලූ ස්වරයකිනි. වී මිල ගැන, පාරවල් ගැන, වතුර ගැන ජනතාවගෙන් විවධ ප‍්‍රශ්න අසමින් ඔහු සිය කතාව කරගෙන ගියේ සැහැල්ලූ ස්වභාවයකිනි. ඒ සැහැල්ලූකම වැඩිකම නිසාදෝ ඔහු‍ගේ කතාව පුරාම සභාවෙන් විවිධ බාධා එල්ල විය. මහින්ද කතාකරමින් සිටින අතරතුරේදීම සෙනග අතරින් ආ හඩකින් මහ හයියෙන් කියැවුණේ ”මෛත‍්‍රීපාල අත්අඩංගුවට ගන්න.” කියාය. ඒ සමගම මුඵ රැස්වීම් භූමියම සිනා හඩින් දෙවනත් වූ අතර, මහින්ද රාජපක්ෂ මහතාටද සිනාව නවතා ගැනීමට යම් කාලයක් වැය විය. සිනාසෙන අතරේදීම ඒ කතාවට උත්තරයක් දෙන්නට කට හැදූ බවත් පෙණුන නමුත් ඊට උත්තරයක් නම් රාජපක්ෂ මහතාගේ මුවින් පිටවූයේ නැති. මේ සිදුවීම ‘වයඹ ටුඩේ’ කැමරා කාචයෙහි ෙමලෙස සටහන් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article