වාහන අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් අද (21 දා) පස්වරුවේ කුරුණෑගල ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක කැලුම් ජයසුමන ඇතුලු විමල් වීරවංශ මහතාට සහය දක්වන පිරිසක් එක් වී සිටියහ.