Friday, November 22, 2024

කොලූකමක් කියා බලූකමක් කෙරූ (මන්ද ) බුද්ධික රිමාන්ඩ් !

Must read

 

මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී පාසල වෙත යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් සිප වැළඳගෙන අතවරයක් කළ බව කියන අයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර  පේ‍්‍රමරත්න මහතා විසින් ඊයේ (24 දා ) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කොස්වත්ත, උහුමීය ප‍්‍රදේශයේ පදිංචි බුද්ධික නුවන් රූපසිංහ නැමැති දෙදරු පියෙකි.

ඕමාරගොල්ල ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි මෙම සිසුවිය පසුගිය බදදා (22 දා) උදෑසනින්ම පාසල් යාමට පිටත් වී ඇත්තේ එදින ඇයට පන්ති කාමරය ඇමදීමට නියමිතව තිබී ඇති බැවිනි. මෙම සිසුවිය නිවසේ සිට පාගමනින් පාසල වෙත එමින් සිටියදී මාර්ගය අයිනේ නවතා තිබූ කුඩා ලොරි රථයකින් බැස ආ සැකකරු සිසුවිය ඉදිරියට දිවවිත් ඇයව සිප වැළඳගෙන තිබේ.

දැරිය ඔහුගෙන් මිදීම සදහා දැඩි ප‍්‍රයත්නයක යෙදී ඇති අතර , ඒ අවස්ථාවේදී වාහනයකින් එම ස්ථානය පසු කරයමින් සිටි වෙනත් පිරිසක් මේ සිදුවීම දැක ඔවුහු දැරිය බේරාගැනීමට ඉදිරිපත් වී තිබේ. ඒ සමඟ දැරිය අත හැරි සැකකරු ලොරියෙහි නැගී   ප‍්‍රදේශයන් පලාගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් විසින් ලබා දුන් තොරතුරුවලට අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා කළ විමසීම්වලදී එන්.ඩබ්ලිව්.පී. ඕ.1810 දරණ මෙම ලොරි රථය පෙති පාන් නිෂ්පාදනය කර බෙදාහරින පොල්ගහවෙල ප‍්‍රදේශයේ ආයතනයකට අයත් එකක් බවට පොලිසිය විසින් තහවුරු කරගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.  මෙවැනි පහත් ක‍්‍රියාවක් සිදුකළේ ඇයිදැයි පොලිසිය විසින් කළ ප‍්‍රශ්නකිරීම්වලදී සැකකරු විසින් දිගින් දිගටම ප‍්‍රකාශකර ඇත්තේ ‘කොඵකමට කළා. ’ යනුවෙනි.

කුරුණෑගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් , ගොකරැල්ල පොලිස් ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා ඒ. එම්. සී.අධිකාරී මෙනෙවිය සහ කාන්තා පොලිස් සැරයන් අබේරත්න (727) , පොලිස් කොස්තාපල් දහනක (33485) , කාන්තා පොලිස් කොස්තාපල් රේණුකා (5849) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.

පොලිස් සැරයන් ජී. ජී. සී ජයතිස්ස (20654) මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article