Friday, November 22, 2024

මහත්තයා ඇතුලු දුෂිත හොර නඩයට ලබන අගොස්ත්තු 17 වෙනිදා අමතක නොවන පාඩමක් උගන්වන්න.

Must read

Dabare

 

 

 

 

 

 

 

 

 

 

 

පක්ෂ පාට බේදයකින් තොරව රටට හා ජනතාවට වගකියන පිරිසිඳු පාලනයක් පිරිසිඳු නායකත්වයක් දිනවීම අරමුණු කරගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය දියත් කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ පුත්තලම් දිස්තික් නායක අජිත් දබරේරා මහතා පැවසීය අජිත් දබරේරා මහතා මේ බව ප්‍රකාශ කලේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිනි දබරේරා මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය රටේ දුෂණය ගැන රටේ යහා පාලනය ගැන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෙළින් කතා කරන්න ඒ වෙනුවෙන් පෙනි සිටින්න සැබැ අයිතිය තියෙන්නේ අපේ පක්ෂයට පමණයි එදා රාජපක්ෂ පාලනයේ භිෂණයට අවනීතියට එරෙහිව රට පෙළ ගස්වපු අපේ පක්ෂය අපේ නායකයා කිසි දිනෙක වරදාන වරප්‍රසාද ඉදිරියේ රටේ ජනතාවගේ අයිතින් පාවා දුන්නේ නැ එදා ඒ අරම්භ කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ බලවේග තමා තමා පසුගිය ජනවාරි 8 වෙනිදා ඒ භිෂණය ඒ අවනීතිය පරාජය කරන්න පෙළ ගැසුනේ ජනවාරි 8 වෙනිදාට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් වලපල්ලට යවලා තිබුණද කියනවානම් අපිට එදා රැස්වීමක් කරන්න පිට්ටනියක් ගන්න බැරුව ගියා අපේ පාක්ෂිකයන්ට ජන්ද ව්‍යාපාර කරගෙන යන්න රජපක්ෂ පාලනයේ දඩ බල්ලන් අපිට ඉඩ දුන්නේ නැ එත් ඒ අවනීතිය ඉදිරියේ අපිට පුලුවන් වුනා ජනතාව ඉදිරියෙන් තියන්න ඒකේ ප්‍රථිලාබ අද ජනතාව රට භුක්ති විඳිමින් ඉන්නවා තමුන්නාන්සේලාට අද දැනෙනවද රටේ මැතිවරණයක් තියෙනවා කියලා රටේ නීතිය පක්ෂ පාට බේදයකින් තොරව ක්‍රියාත්මක වෙනවා මේක තමා රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙන්න මේකට එත් පසුගිය කාලෑඅ රජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා මොකද කලේ තමන්ට විරුද්ධ පාක්ෂිකයාට රැස්වීමක් තියන්න ඉඩ දුන්නේ නැ තමන්ගේ විරුද්ධ පාක්ෂිකයාට ජන්ද ව්‍යාපාරය කරගෙන යන්න දුන්නේ නැ එහෙම කරපු රාජපක්ෂ මහත්තයා තමුන්ගේ පක්ෂේ අයට පමණක් ඔනේ විදියට තමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කලේ එත් අද රටේ සැබැ වෙනසක් ඇති වෙමින් තියෙනවා රටේ මිනිස්සු ඒ වෙනස වටා පෙළ ගැසෙමින් ඉන්නවා රටම ඉල්ලපු ඒ වෙනස අයෙත් හරවන්න කිසිම ජගතෙකුට බැ ජනවාරි 8 වෙනිදාට පෙර රටෙ බලයත් සමග වරදාන අල්ලස් දිලා රාජ්‍ය සම්පත් අමු අමුවේ තමන්ගේ ජන්ද ව්‍යාපාරවලට යොදාගෙන කරපු ජන්දෙත් පැරදුන මහින්ද මහත්තයා ඇතුලු දුෂිත හොර නඩයට ලබන අගොස්ත්තු 17 වෙනිදා අමතක නොවන පාඩමක් උගන්වන බව අපිට විශ්වාසයි මේ රටේ පාලන බලය වෙනස් කලේ පක්ෂවල ඉන්න කාඩරයන් නෙමෙයි හැදාම එ බලය වෙනස් වෙන්න මූලික වුනේ මේ රටේ පාවෙන චන්ද ඒ පාවෙන චන්ද දායකයා රටේ පවතින් තත්වයත් එක්ක වෙනස් වුනා ඒ චන්ද දායකයන්ගෙන් බහුතරයක් අපේ ප්‍රජාතන්ත්‍රවදි පක්ෂය වටා අපේ නායකතුමා වටා පෙළ ගැහෙමින් ඉන්නවා අපිට පළාත් සභා චන්දයේදි පුලුවන් වුනා අපේ මන්ත්‍රිවර්යෙක් පුත්තලමෙන් පළාත් සභාවට පත් කර ගන්න ඒ වගේම මෙවර මහා මැතිවරණයෙන් අපිට විශ්වාසයක් තියෙනවා අපේ පක්ෂයට මන්ත්‍රිවරයෙක් පත් වෙනවා කියලා රටේ ජනතාව දන්නවා වරදාන වලට වරප්‍රසාද වලට අපේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ හඬ යටපත් කරන්න බැ කියලා ඒක පසුගිය රාජපක්ෂ පාලනය තුල මෙන්ම වරතමාන පාලනය තුලත් අපි ඔප්පු කරමින් මේ පාලනය තුලත් අඩුපාඩු නැතුව නෙමේයි අපි ඒවා රටට ජනතාවට හෙළි කලා ජනතාවට වගකීමක් යුතුකමක් තියෙනවා එවන් දුෂිතයන්ට පක්ෂ පාට බේදයකින් තොරව උත්තර දෙන්න මේ රටට ඔනේ හොරු තක්කඩි මැරයන් නෙමෙයි මේ රටට ඔනේ රට ගැන හිතන ජනතාව ගැන හිතන සැබැ නායකයෝ පිරිසක් තමුන්නාන්සේලාට ඒක තිරණය කරන්න මේ තියෙන අවස්ථාව පැහැර අරින්න එපා
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article