අනතුරුදායක රෝග බෝවීම පැතිරවිය හැකි නොසැලිකිලිමත් ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවකට වරද පිළිගත් නාරම්මල සතිපොළේ වෙළදුන් හත්දෙනෙකුට එක් අයෙකුට රුපියල් 3000 බැගින්, රුපියල් 21000 ක දඩ මුදලක් නියම කළ නාරම්මල මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අධිකරණය මගහැර ගිය තවත් වෙළදුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් පෙරේදා (14 දා) විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙලෙස දඩමුදල් නියම කෙරුණේ නාරම්මල සතිපොළෙහි ව්‍යාපාරික කටයුතුවල යෙදෙන , ආර්. පී. විජේසිංහ, එච්. පී. සී. හේමන්ත, ආර්. ටී. එන්. විජේරත්න, ඒ. එච්. හලාල්දීන්, ඒ. පී. ඩී. අමරරත්න, වී. කේ. ඒ. ගුණසේකර සහ ඊ. පී. ඩී. එස්. තිලකරත්න නැමැති අයවඵන්ටය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ නාරම්මල ප්‍රාදේශීය සභාවෙන් විත්තිකාර ව්‍යාපාරිකයින් පිරිසට එරෙහිව නඩු පවරා තිබිණි. පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතා විත්තිකරුවන් සියලුදෙනාම නාරම්මල ඉරිදා සතිපොළෙහි වෙළදාමේ නියුතු අයවඵන් බවත්, මෙම පිරිස අඵයම් කාලයේ සිට පස්වරුව වනතුරුම පොළ භූමියේ රැදී වෙළදාමේ යෙදෙන බවත් පැවසීය. එම කාලය අතරතුරදී මොවුන් විසින් නොකඩවාම බුලත්විට සැපීමේ යෙදෙන බවත්, එහිදී එකතුවන බුලත් කෙළ සහ බුලත් හප විවිධ භාජන සහ පොලිතින් උරවලට රැස්කරගන්නා විත්තිකරුවන්, පොළ අවසන්වීමෙන් පසුව ඒවා පොළ භූමිය මතට බැහැර කර නිවෙස් බලා යන බවත් පැවසීය. ජනතාව දහස් ගණනක් ගැවසෙන පරිසර පද්ධතියකට අනාරක්ෂිත අයුරින් මුදාහැරෙන මෙම බුලත් කෙළ සහ හප හරහා විවිධ රෝගාබාධ පැතීරීමේ අවදානමක් මතුවන බවත්, ක්ෂය රෝගය වැනි භයානක රෝග පවා ජනතාව වෙත බෝවීමේ අවදානමක් එයින් මතු වී ඇති බවත් හෙතම පැවසීය. බුලත් කෙළ ගැසීමෙන් වළකින ලෙසට නාරම්මල ප්‍රාදේශීය සභාව විසින් පොළ භූමියේ සවිකළ ඩිජිටල් පුවරු මගින් පවා දැනුම්වත් කර තිබියදී එම උපදෙස් පිළිනොපැද නොසැලකිලිමත් ලෙස කටයුතු කළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව හෙතෙම පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මින් ඉදිරියට එවැනි නොසැලිකිලිමත් ක්‍රියාවන්හි නොයෙදෙන ලෙසට තරයේ අවවාද කරමින් විත්තිකරුවන් වෙත දඩ නියමකළේය. නාරම්මල ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. එම්. එස්. ජයසුන්දර මහතාගේ උපදෙස් මත, පරිසර නිලධාරි පී. කේ. ජයකොඩි මහතාගේ සහ නාරම්මල පොලිසියේ පරිසර ආරක්ෂණ ඒකකයේ නිලධාරින්ගේද සහය ඇතිව නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතා විසින් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.