Saturday, November 23, 2024

හා දඩයමට ගොස් මිනිස් දඩයමක් කළ කතක් ඇතුලු හතරකට බරපතල වැඩ සිර දඩුවම්

Must read

rabbit_huntingහාවුන් දඩයම් කිරීම සදහා අයුතු ලෙස ඉඩමකට ඇතුල්වී එහි මුරකරුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කාන්තාවකට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා වසර දෙකේ සිට පහ දක්වා වූ බරපතල වැඩ සහිතව සිරදඩුවම් අද (21 ) නියම කළේය.

මෙම නඩුවේ සිව්වැනි විත්තිකරුට සත් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන්ට වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකරමින් එම දඩුවම් වසර 15කට අත්හිටුවීමට නියම කළේය. සිර දඩුවම්වලට අමතරව විත්තිකරුවන් සිව්දෙනාට රුපියල් පන්දහස බැගින් වූ දඩමුදලක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් එක් අයෙකුට තවත් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද නියම කළේය. එමෙන්ම ඝාතනයට ලක් වූ මුරකරුගේ බිරිදට රුපියල් පනස්දහස බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට වැඩිදුරටත් නියම කළ විනිසුරුවරයා අතර එම වන්දිය නොගෙවන්නේ නම් එක් අයෙකුට වසර දෙක බැගින් බරපතල වැඩසහිත අමතර සිරදඩුවම්ද නියම කළේය.

මෙලෙස සිර දඩුවම්, දඩ සහ වන්දි නියම කෙරුණේ ලංකා හලුගේ නලින්ද ලීනස් ප‍්‍රනාන්දු, රත්නායක මුදියන්සේලාගේ චන්දිමා දමයන්ති, වෙත්තසිංහ මුහම්දිරම්ගේ ශිරන්ත උදයකුමාර හා රත්නායක මුදියන්සේලාගේ අජිත් ප‍්‍රසන්න නැමති අයටය.

2013 ජනවාරි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරුවන් පිරිස කුලියාපිටිය, කෝන්ගොල්ලවත්ත ප‍්‍රදේශයේ ඉඩමකට ඇතුල් වී එහි සැරිසරමින් සිටි හාවුන් දඩයම් කිරීමේ යෙදී ඇති බවත්, එම ඉඩමේ මුරකරු ලෙස සේවය කළ ආර්. පී. සමන් ක‍්‍රිශාන්ත දිසානායක නැමති අය විසින් ඊට විරෝධය දැක්වීමේදී ඇතිවූ ආරවුලකදී සිව්වැනි විත්තිකරු විසින් මරණකරුගේ හිසට පහර දී ඝාතනය කළ බවටත් චෝදනා කරමින් කුලියාපිටිය පොලිසිය විසින් කුලියාපිටිය මහාධිකරණය හමුවේ නඩු ගොනුකොට තිබිණි.

රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය සමග කුලියාපිටිය පොලිසියේ පොලිස් සැරයන් සුනිල් (31686 ) මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර අතර චූදිතයින් වෙනුවෙන් නීතිඥ අනුරසිරි දිසානායක හා අමල් රණසිංහ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනීසිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article