Sunday, November 24, 2024

වයඹ ගුරු සමතුන් පළාත් සභාවේ දොර ළග පදිංචි වෙති ! (VIDEO)

Must read

guru_upawasaya_1ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්, බදවාගැනීමේ පටිපාටිය විධිමත් කර තමන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලමින් වයඹ පළාතේ උපාධිධාරී ගුරු විභාග සමතුන් පිරිසක් අද (23 දා) දහවල් වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

අද දහවල් තාවකාලික සෙවිල්ලක (හට් ) කොටස් සහ බංකු කිහිපයක් රැගෙන වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටට පැමිණි පැමිණි පනහකට වැඩි උපාධිධාරීන් පිරිස වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන පිවිසුම් දොරටුවට යාබදව එම තාවකාලික සෙවිල්ල ඉදිකර ඔවුන් විසින් ගෙනා බංකු එහි තැන්පත් කළහ. මෙම තාවකාලික සෙවිල්ල ඉදිකරන අවස්ථාවේදි වයඹ පළාත් සභාවේ ආරක්ෂක නිලධාරීන් හෝ එහි සිටි පොලිස් නිලධාරීන් විසින් ඊට බාධා නොකිරීමද විශේෂත්වයක් විය. උපවාසය ආරම්භ කිරීමට පෙර එහි වැඩම කළ භික්ෂූන් වහන්සේ නමක් විසින් උපාධිධාරී ගුරු සමතුන් පිරිස පංචශීලයෙහි පිහිටුවා සෙත් පිරිත් දේශණා කර ආශිර්වාද කළහ. අනතුරුව තාවකාලික සෙවිල්ල යටට ගොස් අසුන් ගත් මෙම ගුරු සමතුන් පිරිස උපවාසය ආරම්භ කළහ.

මෙම උපවාසය පිළිබදව අදහස් දැක් වූ වයඹ උපාධිධාරී ගුරු සමතුන්ගේ සංගමයේ කැදවුම්කරු ගැමුණු චින්තන ජයසිංහ මහතා මෙසේ පැවසීය.

‘‘ වයඹ පළාත් සභාව තුළ තියෙන ගුරු පුරප්පාඩු 424 ක් සදහා උපාධිධාරීන් බදවාගැනීම සදහා වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් පසුගිය කාලයේ තරග විභාගයක් පැවැත්වුවා. වයඹ පළාතේ උපාධිධාරීන් සියලුදෙනාම මෙම තරග විභාගයට පෙනී සිටියා. නමුත් මේ ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේදී වැඩි ලකුණු පදනම සලකා බලන්නේ නැතිව , පළමු කැමැත්ත සහ දෙවැනි කැමැත්තක් විමසලා වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂම විසින් ගැසට් එක පවා උල්ලංඝණය වෙන විදිහට ගුරු පත්වීම් ලබාදෙමින් ඉන්නවා. මේ අසාධාරණ ක‍්‍රමවේදය හරහා මේ වෙනකොට තුන් වතාවකදී ගුරු පත්වීම් ලබාදීලා තියෙනවා. තරග විභාගය සදහා පෙනී සිටීමේදී කිසිම සදහනක් නොකරපු වෙන වෙන නිර්ණායක මත පදනම් වෙලාගුරු පත්වීම් ලබාදීම නිසා මේ විභාගයෙන් වැඩි ලකුණු ගත්තු වැඩි පිරිසක් අද වෙනකොට දැඩි ලෙස අසාධාරණයට ලක්වෙලා ඉන්නවා. අද මේ කියන කතන්දර කිසිවක් ගැසට් එකේ සදහන් වෙලා තිබුණේ නැහැ. වත්මන් වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ දේශපාලන උවමනාවන් පිරිමසාගන්න මේ පත්වීම් ලබාදෙමින් තියෙන බවක් තමයි අපිට පෙනෙන්නේ. අපි මේ පිළිබදව බලධාරීන් සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වුවත් ඒවායින් කිසිම පලක් වෙලා නැහැ. ඒ නිසා අසාධාරණයට පත්වෙලා ඉන්න මේ උපාධිධාරී ගුරු සමතුන්ට සාධාරණයක් වෙන බවට වයඹ පළාත් සභාවෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් අපි අඛණ්ඩවම මෙම උපවාසයේ යෙදී ඉන්නවා. ’’ යැයි පැවසීය.

එම උපවාසයේ ඡායාරූප සහ වීඩියෝව පහත දැක්වෙයි .


guru_upawasaya_2 guru_upawasaya_3 guru_upawasaya_5 guru_upawasaya_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article