Sunday, November 24, 2024

මහින්දට ජය පතා අවසන් කළ මෛත‍්‍රී පිලේ මාධ්‍ය හමුව.

Must read


alu_yata_gini_aug_11_2alg_july_7_4

ෆොටෝ කොපි අතරේ පිච්චුණු ඔර්ජිනල් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරගකිරීම සදහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන ලෙස දන්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපි ප‍්‍රසිද්ධියේ ගිනි තබමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පැවැත්වූයේ පසුගිය බදාදාය. කෙසේවෙතත් මෙම ලිපි ගිනිතැබීමේ සිදුවීම ගෙවී ගිය සතිය තුළදී ජාතික දේශපාලනය තුළ පවා සාකච්ඡාවට ගැණුනු ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ අතර ලිපි ගිනි තැබීම සම්බන්ධයෙන් රට තුළද නොසිතු නොවිරූ තරමේ කතාබහක් නිර්මාණය වී තිබිණි. එමෙන්ම එම මාධ්‍ය හමුවෙන් නැගුණු උණුසුම කෙතරම්ද යත් ඊට පිළිතුරු බදින්නට මෛත‍්‍රී පිලෙන් තවත් මාධ්‍ය හමුවකුත්, එයට පිළිතුරු බදින්නට මහින්ද පිළෙන් තවත් එකකුත් වශයෙන් දින තුනක් තුළ මාධ්‍ය හමු තුනක් ආවරණය කරන්නටද කුරුණෑගල මාධ්‍යවේදීන්ට සිදු විය. ලිපි ගිනිතැබීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් උදහස් හුවමාරු වෙමින් තිබියදී පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ රැස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ලිපි ගිනි තැබූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වයන් අත්හිටුවන්නටද තීන්දු කර තිබිණි.

දේශපාලනය තුළ එවැනි දැඩි තීන්දු තීරණ සහ කතාබහක් නිර්මාණය කරන්නට සමත් වී තිබූ නමුත් මෙම මාධ්‍ය හමුව අලලා කියැවුණු රසවත් කතාන්දර ගණනාවක් පිළිබදවත් අසන්නට ලැබිණි. මාධ්‍ය හමුවේ පෙනී සිටි මහින්ද හිතැති මන්ත‍්‍රීවරුන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපි බව කියමින් ගිනි තබා ඇත්තේ එම ලිපිවල ඡායා පිටපත්වලට බවට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවක්ම සෝපාහාසයෙන් යුතුව මාධ්‍ය ඔස්සේ රටට කියූහ. ඒ බව පළමුව දැනගත්තේ අදාළ මාධ්‍ය හමුව ආවරණය කළ මාධ්‍යවේදීන් විසින් වූ අතර මන්ත‍්‍රීවරුන් ගිනි තැබූ ලිපිවල දැවී ඉතිරි වූ කොටස් පවා ඡායාරූපගත කරගත් මාධ්‍යවේදින්ට ඒවා මුල් පිටපත් නොව ඡායා පිටපත් බව වටහාගන්නට අමුතු නුවණක් අවශ්‍ය නොවීය. නමුත් බහුතරයක් මන්ත‍්‍රීවරුන් ෆොටෝ කොපි ගිනි තබද්දී තමන් වෙත පක්ෂ මූලස්ථානයෙන් ලැබී තිබූ මුල් පිටපතට ගිනි තබන්නට තරම් අවංක වූ මන්ත‍්‍රීවරුන් දෙතුන් දෙනෙකුද එතැන සිටිය බවද සත්‍යයකි. මන්ත‍්‍රීවරුන් විසින් ලිපි ගිනි තියන්නට පෙර ඉහළට ඔසවා එක් වතාවක් මාධ්‍යට ප‍්‍රදර්ශණය කළ අතර එලෙස ඉහළට එස වී තිබූ ලිපි විසි තිස් ගණනක් අතරින් නිල් පැහැති සැබෑ ලිපිය දැකගත හැකි වූයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්වල පමණි. පන්නල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ලංසකාර, බිංගිරිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දිමුත් තුෂාර ඒකනායක, පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලක සහ තවත් මන්ත‍්‍රීවරුන් දෙතුන් දෙනෙකුගේ අත්වල මුල්පිටපත් ලිපි විය. ඒ හැරෙන්නට ඉහළට එසැවී තිබුණු අනෙක් සියලූ ලිපි කඵ පැහැති ඡායා පිටපත් විය. නමුත් ලිපි ගිනිතබන අවස්ථාව වන විට ඉහළට එස වී තිබූ සැබෑ ලිපි කිහිපය අතරිනුත් ගිනි තබා විනාශ කළ බව පෙණුනේ ලිවේරා ගුණතිලකගේ සහ දිමුත් තුෂාර ඒකනායකගේ ලිපි දෙක පමණි. ඉහළට එස වී තිබූ අනෙක් මුල් පිටපත් කිහිපයද ගිනි තබන අවස්ථාව වන විට ෆොටෝ කොපි බවට පරිවර්තනය වී තිබෙනු දැක ගත හැකිවිය. එමෙන්ම ලිවේරා ගුණතිලක විසින් මාධ්‍ය හමුව ආරම්භ කරමින් කළ ස්තූති කතාවක් විද්්‍යුත් මාධ්‍ය හරහා විකාශයවීම හේතුවෙන් මාධ්‍ය හමුවට වෙනත් මුහුණුවරක්ද ලැබී තිබිණි. ලිවේරාගේ කතාව පදනම් කරගනිමින් කැදවීම් ලිපිවලට ගිනි තැබීමට හිටපු මන්ත‍්‍රීවරුන් පෙලඹවීම පිටුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සිටින බවට මෛත‍්‍රී පිලෙන් චෝදනාවක්ද එල්ල විය.

මෛත‍්‍රී පිලේ මාධ්‍ය හමුවට  ‘වෙන්ඩ මන්ත‍්‍රීලාත් ’ එයි.

මහින්ද පිලේ ප‍්‍රවෘත්ති සාකච්ඡාව සහිත ප‍්‍රවෘත්තිය කොළඹ පිහිටි මාධ්‍ය ආයතන වෙත යවා අවසන් කර හුස්මක් කටක් ගන්නටත් පෙර එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් වෙත ලැබුණු තවත් ඇමැතුමකින් මෛත‍්‍රී පිල නියෝජනය කරන කුරුණෑගල පුංචි මන්ත‍්‍රීවරුන්ගේ තවත් මාධ්‍ය හමුවක් හෙට දිනයේදී පැවැත්වෙන බවය. කී ලෙසටම කුරුණෑගල වැවරවුමේ පිහිටි වයඹ පළාත් සභා නිවාඩු නිකේතනය හෙවත් මහ ගෙදරදී පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් තවත් මාධ්‍ය හමුවක් සංවිධානය වී තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපිවලට ප‍්‍රසිද්ධියේ ගිනිතබමින් කුරුණෑගල හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් පෙර දින පැවැත් වූ මාධ්‍ය හමුවට ප‍්‍රතිචාර දැක්වීමේ අරමුණ ඇතිව බව දැකගත හැකි විය. එම මාධ්‍ය හමුවටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් ඇතුඵ සියයකට ආසන්න පිරිසක් එක් වී සිටි නමුත් වඩාත් විමසිල්ලෙන් බැලීමේදී දැකගත හැකි වූයේ එයින් වැඩිදෙනෙකු ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුවන ‘වෙන්ඩ මන්ත‍්‍රීලා’මිස හිටපු මන්ත‍්‍රීවරුන් නොවන බවය. මාධ්‍ය හමුවට වාඩි නොවූ නමුත් පුංචි මන්ත‍්‍රීවරුන්ට ශක්තියක් වනු පිණිස මහගෙදරට පැමිණ සිටි වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර සහ නිමල් විජේසිංහ, පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත රාජපක්ෂ ඇතු`ඵ පිරිසක් වනු මාධ්‍ය හමුව අවසන් වන තෙක්ම මහගෙදර ලොබියේ වාඩි වී සිටියහ. වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ජයලත්, කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී සුමිත් බණ්ඩාර, මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් පෙරේරා, නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී නීතිඥ දහම් රාජපක්ෂ, රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අබ්දුල් ලතීෆ්, වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ජයතිස්ස මාකුඹුර, ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. එස්. එම්. පාහිම් සහ ඒ. ආර්. එම්. වාජිබ් ඇතුලූ පිරිසක් මෙහිදී අදහස් දැක් වූ අතර සියලූ දෙනාගෙන් කියැවුණු පොදු අදහස වූයේ පෙර දිනයේදී මාධ්‍ය හමුවක් කැදවා කැදවීම් ලිපිවලට ගිනි තියන්නට මන්ත‍්‍රීවරුන් පෙළඹවූයේ මන්ත‍්‍රී ජොන්ස්ටන් බවත්, එවැනි කුමන්ත‍්‍රණවලට හසු නොවී තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජයග‍්‍රහණය කරන බවත්ය. මාධ්‍ය හමුව අවසානයේදී මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා දෑත් එකිනෙක පටලවා ඉහළට ඔසවමින් ‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජය වේවා යැයි හඩ නැගූහ. ඒ අතර මාධ්‍ය හමුවේ සිටි මන්ත‍්‍රීවරයෙකු ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ජයවේවා’’යැයි කී අතර මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් ‘ජයවේවා’යැයි කියමින් ඊටද ප‍්‍රතිචාර දැක්වූහ.

මහින්දගේ මන්ත‍්‍රීවරු තවත් ගිනි තැබීමකට සැරසෙති.

එකම කරුණක් සම්බන්ධයෙන් ගෙවී ගිය සතිය තුළදී පැවැත්වුණු තුන් ඈදුතු මාධ්‍ය හමුවක තෙවැනි මාධ්‍ය හමුවත් ආවරණය කරන්නට කුරුණෑගල මාධ්‍යවේදීන්ට සිදුවූයේ පසුගිය සෙනසුරාදාය. ලිපි ගිනි තැබූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකරන බවට හිටපු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර විසින් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත කර තිබූ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දැක්වීම සදහා එම මාධ්‍ය හමුව කැදවා තිබිණි. බදාදා පැවැති මාධ්‍ය හමුවට වඩා ආවේගශීලී ලෙස එම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ මහින්ද හිතැති මන්ත‍්‍රීවරුන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් තමන් වෙත විනය පරීක්ෂණ ලිපි එවනු ලැබුවහොත් ඒවාත් ගිනි තබා විනාශ කරන බවට සහතික කළහ. ‘‘අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුඛ පරීක්ෂණ ලිපි ඉරලා දැම්මා කියලා අද ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඔව් අපි ඉරුවා තමයි. අපි බයෙන් නෙවෙයි බොහෝම එඩිතරව තමයි ඒ ලියුම් ඉරලා දැම්මේ. අද විතරක් නෙවෙයි ඒ වගේ ලියුම් තවත් අවොත් අපි හෙටත් ඉරලා දානවා. සම්මුඛ පරීක්ෂණ ලිපි එව්වා වගේ පුලුවන් නම් විනය පරීක්ෂණ ලියුමත් අපට එවන්න. එදාට බලාගන්න පුලූවන් අපි ඒ ලියුමට මොකද කරන්නේ කියලා. ’’යැයි එම මාධ්‍ය හමුවේදී කීවේ කුරුණෑගල හිටපු නාගරික මන්ත‍්‍රී අබ්දුල් සත්තාර්ය. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සිත් සේ පතුරු ගසන්නට මෙම මෙම මාධ්‍ය හමුවේදී මහින්ද හිතැති මන්ත‍්‍රීවරුන් විසින් වගබලාගෙන තිබූ අතර පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලක මහලේකම් දුමින්දව දෙකේ කොළයට ඇද දමමින් කීවේ ‘‘දුමින්ද දිසානායක මහලේකම්තුමා කියන්නේ කවදාවත් කියන දේ කරන මිනිහෙක් නෙවෙයි. ඒ නිසා ඔය මනුස්සයා අපිට කවදාවත් විනය පරීක්ෂණ ලියුමක් නම් එවන්නේ නැහැ කියන එක නම් මට විශ්වාසයි.’’යැයි කියාය.
සෙනසුරාදා පැවැති මෙම මාධ්‍ය හමුවට ඊට තුන් දිනකට පෙර පැවැති මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මන්ත‍්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වී නොසිටීම විශේෂත්වයක් වූ අතර ඒ ගැන පිළිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු බදිමින් ලිවේරා ගුණතිලක දුන්නේ අපූරු උත්තරයකි. ‘‘ඊයේ රාත‍්‍රියේදී තමයි අපි මේක සංවිධානය කළේ. ඒ නිසා අපිට මන්ත‍්‍රීවරුන්ට හරියට පණිවිඩ දීගන්න බැරිවුණා. අනිත් එක අද ලොකු නැකැත් දවසක්. අපේ මන්ත‍්‍රීවරු හුග දෙනෙක් ඒ මගුල්ගෙවල්වලට, නැකැත්වලට සහභාගිවෙලා තියෙනවා. ’’ලිවේරා කීවේය. ‘‘සෙනසුරාදා දවස්වලටත් ලොකු නැකැත් තියෙනවා කියලා ඇහැව්වමයි. ’’මාධ්‍ය හමුව අවසානයේදී මාධ්‍යවේදීන් අතර ඇති වූ කතාබහේදී කියැවිණි.

සභාපති අසුනේ හිදුවා – නන්දොඩවයි ටිකිරි බණ්ඩා !

ඉකුත් 02 වැනි අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම තේ විවේකය සදහා කල් තැබුණු අවස්ථාවේදී මන්ත‍්‍රිවරුන්ගේ ජංගම දුරකථනවලින් ඔවුන්ගේ හිතවත් මාධ්‍යවේදින් වෙත දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. මන්ත‍්‍රීවරුන්ගෙන් එක පෙළට මාධ්‍යවේදින් වෙත ඇමැතුම් ලැබෙන්නට හේතු වී තිබුණේ සභාපති ටිකිරි බණ්ඩා විසින් එදින පළාත් සභා රැස්වීමේදී නැටූ බව කියන තවත් නාඩගමක් හේතුවෙනි. තේ විවේකය සදහා සභා රැස්වීම කල් තියන්නට ඔන්න මෙන්න කියා තිබියදී සභාපතිවරයාට හිමි නැති මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාවෙන් කාලය සොරාගත් ටිකිරි බණ්ඩා නැවත වතාවක් පරණ තැටියක් වයන්නටවීම මන්ත‍්‍රීවරුන්ගේ විමතියට හේතු වී තිබේ. ඒ තමන්ගේ ‘කාලකණ්ණි’ප‍්‍රකාශයෙන් මාධ්‍යවේදීන්ට අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබද කණගාටුව පළකරන කියමිනි. ටිකිරි බණ්ඩාගේ එම ප‍්‍රකාශය පිළිබදව දැනගත් මාධ්‍යවේදීන් දැන් කියන්නේ එක්කෝ ටිකිරි බණ්ඩාට සිංහල නොතේරෙන බවකි. නැතිනම් කියන දේ තේරුම් නොයාමේ අමුතු රෝගයකින් ටිකිරි බණ්ඩා පෙළෙමින් සිටින බවකි. මක් නිසාද යත් වයඹ පළාත් සභා රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන කිසිදු මාධ්‍යවේදියෙකු ටිකිරි බණ්ඩා වෙතින් කණගාටුව පළකිරීමක් හෝ සමාව ඉල්ලීමක් කවර කලෙකවක් බලාපොරොත්තු නොවන බැවිනි. මින් පෙර පැවැති සභා රැස්වීමකදීත් ටිකිරි බණ්ඩා විසින් කණගාටුව පළකිරීමේ තැටියක් වයා වැඬේ ගොඩදාන්නට බැලූ නමුත් මාධ්‍යවේදීන් විසින් එය තරයේ ප‍්‍රතික්ෂේප කළහ. මාධ්‍යවේදීන් ඉතා පැහැදිලි සහ ස්ථිර ලෙසම ඉල්ලා සිටින්නේ ටිකිරි බණ්ඩා සභාපති පුටුවේ සිට මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ ‘කාලකණ්ණි’ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසටය. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ටිකිරි බණ්ඩාගේ මුවින් පිට වූ ඒ අපහාසාත්මක වදන්වැළ මේ සටහන කියවන මොහොතේදීත් පවතින්නේ හෑන්සාඞ්ගත ප‍්‍රකාශයක් ලෙස සක‍්‍රිය තත්වයකය. එහෙව් තත්වයක් තුළ ආත්ම ගරුත්වයක් මෙන්ම වෘත්තිය ගරුත්වයක් ඇති කිසිදු මාධ්‍යවේදියෙකුට රෙද්දක් ඇදගෙන නම් පළාත් සභාවේ පස් පෑගීමේ හැකියාවක් නැත. ( එහෙව් ආත්ම ගරුත්වයක් හෝ වෘත්තිය ගරුත්වයක් නැති හොරිකඩයින් හොර පාරෙන් පළාත් සභාවට රිංගීමේ වෑයමක් ආරම්භ කර ඇත්තේ රෙදි නැතුවදැයි යම් ගැටඵවක් මතුවන නමුත් ඒ පිළිබද වෙනත් දිනයකදී සාකච්ඡා කිරීමට ලියුම්කරු බලාපොරොත්තු වෙයි.) ගැටඵව විසදීම පිණිස වයඹ අමාත්‍යවරුන් සමග පැවැති සාකච්ඡාවන්වලදී ඊට සහභාගි වූ මාධ්‍යවේදීන් විසින් ඉතා පැහැදිලිවම ඒ බව අවධාරණය කර ඇති අතර අඵ යට ගිනි පිටුව හරහාද හත් අටවතාවකදීම සිදුවිය යුත්තේ කුමක්දැයි සවිස්තරාත්මක ලෙස සටහන් කර තිබේ. ඒ බව දැන දැනත් ටිකිරි බණ්ඩා විසින් සභාපති අසුනේ සිට කරන මේ කණගාටුව පළකිරීම් වැනි නාඩගම් තවදුරටත් සැලකිය හැක්කේ විකාරරූපී නන්දෙඩවීම් ලෙසටය. නන්දෙඩවීම් වැනි බාල ගණයේ තෙල් පොහොර ඉසිමින් ටිකිරි බණ්ඩා විසින් ගැටුම තවදුරටත් පෝෂණය කරමින් ඉන්නේ වචන කිහිපයක් පමණක් වැය කර අදාල ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීමෙන් ප‍්‍රශ්නය පහසුවෙන් නිරාකරණය කරගත හැකි පසුබිමකවීමද විශේෂත්වයකි.

කැරැල්ල අත ළගයි.

‘‘වයඹ පළාත් සභාව නියෝජනය කරන ගරු මන්ත‍්‍රීවරුන් පනස් එක් දෙනාගෙන් අපට අසන්නට ඇත්තේ ඔබත් ටිකිරි බණ්ඩා සමග දේශපාලන කනත්තේ වැළලෙනවාද එසේත් නැත්නම් ගේට්ටුව ළගින් බැහැගන්නවාදැයි කියාය.’’මෙලෙස ලියැවුණේ පසුගිය ජූලි 07 වැනිදා අඵ යට ගිනි පිටුවේය. සභාපති ටිකිරි බණ්ඩාගේ උද්ච්ඡ ප‍්‍රකාශයක් වෙනුවෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන තරුණ, සක‍්‍රීය සහ දිගු දේශපාලන ගමනක් හිමි දේශපාලනඥයින් තවදුරටත් වන්දි ගෙවනවාදැයි සහ නැත්නම් දේශපාලන අනාගතයක් ගැන සිතාමතා ටිකිරි බණ්ඩාට එරෙහිව කැරැල්ලක් සදහා මුලපුරනවාදැයි වයඹ පළාත් සභාවේ සිහි බුද්ධිය ඇති මන්ත‍්‍රීවරුන්ගෙන් ලියුම්කරු එදින සෘජුවම ප‍්‍රශ්න කළේය. අද වන විට කෙටියෙන් කියන්නට ඇත්තේ ලියුම්කරුගේ එම වචන අපතේ නොගිය බවකි. ටිකිරි බණ්ඩාට එරෙහි මන්ත‍්‍රී අරගලයක පළමු වෙඩි මුරය පිළිබදව ලබන සතියේ අඵ යට ගිනි පිටුව හරහා කියැවීමට පාඨක ඔබ වෙත අවස්ථාව ලබාදෙන්නට බොහෝවිට හැකියාව ලැබෙනු ඇති බව ලියුම්කරුගේ විශ්වාසයයි. අරගලය සම්බන්ධයෙන් තවත් තොරතුරු ඇතත් ඒ සියල්ල ලබන සතියට කල් තබන්නේ වයඹ පළාත් සභාව යනු තම වාසිය උදෙසා ඕනෑම පාවාදීමක් කිරීමට සූදානමින් ඉන්නා නායකයින් යැයි කියාගන්නා දුසිම් ගණනක් සිටින තැනක් වන බැවින්, අරගලයට ඉන් ඇති විය හැකි බාධාවන් පිළිබදව සලකා බලමිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 අගෝස්තු 11 වැනි බ‍්‍රහස්පතින්දා )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article