කුලියාපිටිය, ඇඹව පුරාණ කබලෑ දේවාලය ආසන්නයේ පිහිටි නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු තිප්පොළක් වැටලූ කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් විසින් නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල 250 ක් සහ කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ තොගයක්ද අද (31 ) දහවල් අත්අඩංගුවට ගත්හ.
බුද්ධි අංශ තොරතුරු මත සිදුකළ මෙම වැටලීමේදී ගෝඩා බැරල් දෙකක්, තඹ දගර දෙකක්, හිස් බැරල් තොගයක්, ගෑස් සිලින්ඩර් දෙකක්, බර්නර් දෙකක් හා ජල නල කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එලෙස අත්අඩංගුවට ගැනුණේ දීගල්ල ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකි.
කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ජයතිස්ස, පොලිස් කොස්තාපල් ප්‍රසන්න(58322 ), පේ‍්‍රමරත්න (12455 ), අමල් (68243) සහ පොලිස් කොස්තාපල් රියදුරු සෝමතිලක (15168 ) යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර