Saturday, November 23, 2024

සාදය මාරයි. නිකවැරටියේ ගැරිල්ල මාරයි !

Must read

නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සුබසාධක සංගමයට ආධාර පිණිස පසුගිය සෙනසුරාදා (27 දා) නිකවැරටිය මහසෙන් ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ වේදිකා නාට්‍ය දර්ශනයක් සදහා අදාල ශාලාවේ ආසන ප්‍රමාණය ඉක්මවා ඉක්මවා යන පරිදි ටිකට්පත් අලෙවි කර තිබීමෙන් එය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් දැඩි දුෂ්කරතාවයකට පත් වූහ.

අදාළ ශාලාවේ එකවර අසුන්ගත හැක්කේ අටසියයක පමණ පිරිසකට වුවත් පස්වරු 6.30 මහජන දර්ශණය සදහා ටිකට්පත් දෙදහසකට වඩා අලෙවිකර තිබූ බව වාර්තා වේ. මේ හේතුවෙන් නාට්‍ය දර්ශණය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් විශාල පිරිසකට නාට්‍ය නොබලාම ආපසු හැරී යන්නට සිදු වූ අතර තවත් සමහරුන්ට ජනෙල්වලින් එබී නාට්‍ය නැරඹීමට සිදු විය.

ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම පිළිබඳව එහි සංවිධායකයින්ගෙන් විමසූ ගුරුවරයෙකුට නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පහත් අන්දමින් බැණ වැදී ඇති බවද වාර්තා වෙයි.  අදාළ ගුරුවරයාගේ නම සහ පාසල විමසා සටහන් කර ගත් අධ්‍යක්ෂවරයා ගුරුවරයාගේ තරුණ බිරිඳ තරුණයින් පිරිසක් මැද බලහත්කාරයෙන් අසුන්ගන්වා ගුරුවරයා තමා ළග රඳවාගෙන ඇතත් රැකියාවට ගැටලුවක් ඇතිවේ යන සැකයෙන් ගුරුවරයා ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැත.

රුපියල් පන්සියයක් බැගින් මිලකර තිබූ මෙම නාට්‍යයේ ටිකට්පත් මිලදීගන්නා ලෙස බලකරමින් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් එම කලාපය තුළ පිහිටි පාසල්වල ගුරුවරුන් වෙත බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි. ඒ ඒ පාසල්වල සිටින ගුරුවරුන් සංඛ්‍යාවට අනුව විදුහල්පතිවරුන් හරහා සෑම පාසලකටම ටිකට්පත් යැවීමට කටයුතු කර ඇති බවත්, ගුරුවරුන් විසින් ටිකට්පත් ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා දෙමාපියන්ට පවා ටිකට්පත් අළෙවි කිරීමට විදුහල්පතිවරු පෙළඹී ඇති බවද වාර්තා වෙයි.

ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් 2016 ජූලි මාසයේ ගුරුවරුන්ගේ වැටුපෙන් රුපියල් පන්සියය බැගින් කපාගෙන තිබූ බවත් ඇතැම් පාසල්වල ගුරුවරුන් ටිකට්පත් මිලදීගෙන තිබුණේ විදුහල්පතිවරුන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

අදාළ සුබසාධක සංගමයෙන් ප්‍රතිලාභ ලබන්නේ කලාප කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් පමණක්වීම තුළ එයින් ශත පහක හෝ ප්‍රතිලාභයක් නොලබන ගුරුවරුන් මෙලෙස  සූරාකෑම බලවත් අකටයුත්තක් බවට ගුරුවරු චෝදනා කරති.

වාරියපොල නිසංකා අබේරත්නsadaya_marayi_02 sadaya_marayi_03 sadaya_marayi_04

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article