තමන්ගේ ගෙවත්තේ තිබූ ගසක් කපා බිම හෙළමින් සිටියදී එම ගස හිස මත කඩාවැටීමෙන් ගෙහිමි කාන්තාව ජීවිතක්ෂයට පත්විමේ පුවතක් නැගෙනහිර නයිනමඩම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩම, ගිංඔය මාවතේ පදිංචි වැවලගෝන්ගහදෙණිය පද්මිණි රම්‍යලතා (53) නැමැති එක්දරු මවකි.
ඊයේ ( 12 දා) උදෑසන කුලීකරුවන් පිරිසක් යොදවා මෙම කාන්තාව විසින් තම ගෙවත්තේ පිහිටි ගස් කිහිපයක් කපා දමා ඇති අතර, එලෙස කපාහෙලූ කැන්ද ගහක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාව බරපතල තුවාල ලබා තිබේ. තුවාල ලැබූ ඕ මාරවිල රෝහලට ඇතුල් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
තමන්ට කැපීමට නියම කළ තිබූ සියලු ගස් කපා, අවසන් ගස වශයෙන් මෙම කැන්ද ගස බිම හෙළිමේදි මෙම අවසනාවන්ත අනතුර සිදු වූ බවත්, ගස බිමට ඇද වැටෙන විට ගෙහිමි කාන්තාව ඒ ආසන්නයට පැමිණ සිටි බව තමන් නොදුටු බවත් ගස කැපූ කුලීකරුවන් විසින් පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන්ය.