වයඹ පළාත තුළ පිහිටි පළාත් පාලන ආයතනවල තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණෙන් ආසියානු සංවර්ධන පදනම විසින් රුපියල් මිලියන 15 ක මූල්‍යාධාරයක් වයඹ පළාත් සභාව වෙත පිරිනමා තිබේ.
ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ආසියානු සංවර්ධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත දිනේශා වික්‍රමනායක මහත්මිය සහ වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අතර වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ලිච්ඡවී ශාලාවේදී අද ( 10 දා) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පි.බි.එම් සිරිසේන ,පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත් යන මහත්වරුන් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එක් වී සිටියහ.
ඡායාරූප – අනුරුද්ධ නිරෝෂන්, වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය.