රුපියල් තුන් කෝටි දස ලක්‍ෂයක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය හා දුම්වැටි තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 26 වැනිදා නාරම්මල ගල්වංගුව ප‍්‍රදේශයේ කොල්ලකෑමට ලක් වූ ලොරි රථය සහ අදාළ මංකොල්ලකෑමට සම්බන්ධ බව කියන සැකකරුවන් පස්දෙනෙකු කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (05 දා) අත්අඩංගුවට ගනු ලැබූහ.
එලෙස අත්අඩංගුවට ගැණුනේ වේයන්ගොඩ, ගම්පහ, වැල්ලම්පිටිය හා පොල්ගස්ඕවිට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකි.
මොවුන් විසින් වෑන් රථයක් හරස්කොට නාරම්මල ප‍්‍රදේශයේදී කොල්ලකා තිබූ මෙම ලොරි රථය තිහාරිය ප‍්‍රදේශයට ගෙනගොස් එහි තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා දුම්වැටි තොගය වෑන් රථයකටත්, ගොඩනැගිලි ද්‍රව්‍ය තොගය තවත් ලොරියකටත් පටවාගෙන තිබේ. අනතුරුව හිස් ලොරි රථය ඇහැලියගොඩ ප‍්‍රදේශයේදී ගෙනැවිත් මහ මග දමාගොස් තිබියදී පොලිසිය විසින් මීට පෙර සොයාගනු ලැබීය.
හෝඩුවාවන් ගණනාවක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මංකොල්ලකරුවන් පිළිබදව අනාවරණය කරගැනීමෙන් පසුව ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීම සදහා තැරුව්කරුවන්ගේ වෙසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සැකකරුවන් වෙත යොමු කර තිබේ. ඒ අනුව සැකකරුවන් පිරිස තමන් විසින් කොල්ල කෑ දුම්වැටි තොගය එකක් රුපියල් 22 බැගින් විකිණීමට තැරුව්කරුවන් ලෙසින් සිටි පොලිස් නිලධාරීන් වෙත කැමැත්ත පළ කර ඇති අතර අදාළ ගණුදෙණුව සිදුවන අවස්ථාවේදී පොලිසිය විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප‍්‍රශ්නකිරීම්වලදී සගවා තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ලොරියේ රියදුරු හා රිය සහයකගේ ප‍්‍රකාශ අනුව කොල්ලය සිදුකරන අවස්ථාවේ කොල්ලකරුවන් අත තිබූ ගිනි අවිය සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය කියයි. කොල්ල කෑමට ලක් වූ ලොරි රථය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ පියෙකු වන වවුනියාව ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් බැව් කියැවේ.
කුලියාපිටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජාලිය හීංකෙන්ද සහ නිමල් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් , උප පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් සෝමතිලක, වික‍්‍රමනායක, පොලිස් සැරයන් ධර්මසිරි (29269 ) , සෙනවිරත්න (33604 ) , පියරත්න (20626) , සිසිර කුමාර (22503) , පොලිස් කොස්තාපල් ෆ‍්‍රැන්සිස් (7015) , ජයකොඩි (49111) කරුණාරත්න (32644), වීරසේකර (35826), චම්ලි (37525), ප‍්‍රියදර්ශන (53310), රණසිංහ (53311) සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
කොල්ල කෑ ලොරි රථය සහ කොල්ලකෑමට යොදාගත් වෑන් රථය සමග විමර්ශන සිදුකළ නිලධාරීන් පිරිස