නැගෙනහිර පළාත් ලේකම්වරයාගේ කුලියාපිටිය ,ගොමුගොමුව ප්රදේශයේ පිහිටි නිවස ඇතුලු වී රන්භාණ්ඩ, මුදල් සහ භාණ්ඩ සොරකම් කළ බව කියන අයෙකු කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට ගැනුණේ ඇපලදෙණිය, ඉහල ගොමුගොමුව ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ඔහුගේ නිවසේ සගවා තිබූ ලේකම්වරයාගේ නිවසින් සොරාගත් විදේශීය රටක නිෂ්පාදිත විස්කි බෝතල කිහිපයක් සොයාගෙන ඇති අතර සොරාගත් රන් භාණ්ඩ සහ මුදල් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භකොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියම කළේය.
මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර කුලියාපිටිය මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්රියන්ත මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක පාලිත හේරත්, පොලිස් සැරයන් ධර්මසිරි (29269) , ඥාණරත්න (49120) , පොලිස් කොස්තාපල් ජයකොඩි (49111) , ජයතිස්ස (49110) සහ රණසිංහ (49754 ) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.