වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිරාකරණය කර නැවත නිවෙස බලා එමින් සිටි එම උත්සවශාලාවේ හිමිකරු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ ( 24 දා) රාත්රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ දුම්මලදෙණිය, සම්පත් උත්සව ශාලාවේ එක් හිමිකරුවෙකු වන පාලිත ප්‍රියශාන්ත නැමති ව්‍යාපාරිකයෙකි.
ඊයේ රාත්‍රියේ එම උත්සව ශාලාවේ පැවති මංගල උත්සවයක් අතරතුර දෙපිරිසක් අතර වු ගැටුමක් නිරාකරණය කිරීම සදහා මෙම ව්‍යාපාරිකයා එහි ගොස් ඇති අතර අදාළ ගැටුම සමථයකට පත්කිරීමෙන් පසුව උත්සව ශාලාව ආසන්නයේම පිහිටි තම නිවස බලා පා ගමනින් එමින් සිටියදී බිම ඇද වැටී ඇති බව ඔහුගේ ඥාතීහු කියති. බිම වැටී සිටි ව්‍යාපාරිකයා මාරවිල රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මිය ගිය පුද්ගලයා පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල අධිකරණ වෛද්‍ය නිලධාරිනි මලීකා ජේ ප්‍රනාන්දු මහත්මිය විසින් අද (25 දා) උදෑසන මාරවිල රෝහලේ පැවැත් වූ අතර එම මරණය ලේ කැටයක් හිරවීම මත ඇති වූ හෘදයාබාධකින් සිදු වූ මරණයක් බවට නිගමනය කළාය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු