Saturday, November 23, 2024

හෙට වැඩකරන දිනයක් !

Must read

no_holidayවයඹ පළාතේ පාසැල්වලට හෙට  දිනය (23 දා)   නිවාඩු දිනයක් ලෙස නම්කර නොමැති බවත්,   ඒ අනුව වයඹ පළාතේ සියලුම පාසැල් සුපුරුදු ලෙස පැවැත්වෙන බවටත් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය..

වෙසක් පෝය දිනය සති අන්තයේ යෙදී තිබීම හේතුවෙන්  ඊට පසුව එළැඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කරන බවට පැතිර තිබූ ආරංචි මෙන්ම පසුගිය සිකුරාදා පාසල් නිවාඩු දිනයක් ලෙස රජය විසින් නම් කිරීම හේතුවෙන් හෙට දිනය පාසැල් නිවාඩු දිනයක්දැයි බොහෝදෙනෙකු  මේ වනවිට දෙගිඩියාවෙන් පසු වෙති.

අයහපත් කාලගුණික තත්වය මත පසුගිය සතියේ දින දෙකක්ම  වයඹ පළාතේ පාසල්වලට නිවාඩු ලබා දුන් නමුත්  හෙට දිනය පාසැල් නිවාඩු දිනයක් ලෙස නම් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි ඒ අනුව වයඹ පළාතේ පාසල්ද සුපුරුදු ලෙස පැවැත්වීමට තීරණය කළ බවද වයඹ පළාත් අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

හෙට දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය විසින්ද  මේ වන විට නිවේදනය කර ඇති අතර පසුගිය සිකුරාදා දිනයේදි ඒ බව රාජ්‍ය ආයතන ප්‍රධානින් වෙත දන්වා යැවූ බවද එම අමාත්‍යංශය කියයි.

ඒ අනුව ආපදා පවතින ප්‍රදේශවල පාසල්වලට හැර දිවයිනේ සෙසු පාසල් සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට හෙට දිනය නිවාඩු දිනයක් නොවන අතර දිවයිනේ සියලු පාසල් සහ ආයතනවල හෙට දිනයේදී සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදුවීමට නියමිතය.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article