Friday, November 22, 2024

කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම සර්වඥ ධාතූ ප‍්‍රදර්ශණයට ජන ගගක් ! (VEDIO)

Must read

kiribamuna_8ඉබ්බාගමුව, කිරිබමුණ ශ‍්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේදී පැවැත්වෙන ශ‍්‍රී සර්වඥ ධාතූ ප‍්‍රදර්ශණය දෙවැනි දිනයටත් අද (14 දා) උදෑසන ආරම්භ විය.

ධාතු ප‍්‍රදර්ශණයේ පළමු දිනය වූ ඊයේ දිනයේදී අති විශාල ජනතාවක් ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දැකබලා ගැනීමට සහ වැද පුදාගැනීම සදහා ශෛලතලාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද අම්පාර නීලගිරි සෑය කැණීම්වලදී හමු වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙහිදී ප‍්‍රදර්ශණය කෙරෙයි.

නීලගිරි සෑයෙන් හමු වූ මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඩුව සහ දුටුගැමුණු මහරජතුමාගේ භෂ්මාවශේෂ කොටස්ද මෙහිදී දැකබලා ගත හැකිය.

එමෙන්ම ශෛලතලාරාම විහාර භූමියේ ඉදිවෙමින් පවතින දිගින් මීටර් 21.25 ක් (අඩි 100) දිවා විහරණ ඉරියව්වෙන් යුතු ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ නෙලීමේ කටයුතු මෙන්ම එහි අනුරුවද දැකගැනීමට අවස්ථාව එහි පැමිණෙන බැතිමතුන් වෙත උදාකර දී ඇති බව විහාරාධිපති පූජ්‍ය ඇරෑවුල උපරතන හිමියෝ පැවසූහ.

ශ‍්‍රී සර්වඥ ධාතූ ප‍්‍රදර්ශණය ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊයේ දිනයේදී ශ‍්‍රී සර්වඥ ධාතූ ප‍්‍රදර්ශණය ආරම්භ වූ අයුරු දැක්වෙන වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article