Saturday, November 23, 2024

ඇටමිදුඵ රෝහලක් වෙනුවෙන් තැලිසීමියා පවුල් පාරට බසිති.

Must read

ඇටමිදුඵ බද්ධ කිරීමේ පහසුකම් සහිත රෝහලක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවන ලෙස ඉල්ලා තැලසීමියා රෝගයෙන් පෙළෙන දරු දැරියන් පිරිසක් සහ ඔවුන්ගේ මව්පියන් පිරිසක් ඊයේ (07 දා)කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක යෙදුණහ.

මෙම විරෝධතාවය සදහා දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි තැලිසීමියා රෝගී දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් ඇතුඵ දෙසියයකට වැඩි පිරිසක් එක් වී සිටියහ. විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශණය කරමින් කුරුණෑගල ජනකලා කේන්ද්‍රය අසල සිට කුරුණෑගල නගරය දක්වා පා ගමනින් පැමිණි මෙම පිරිස කුරුණෑගල ඔරලෝසු කණුව වටරවුම අසලදී මාර්ගය මැද වැතිර විරෝධතාවයේ යෙදීම නිසාගමනාගමන කටයුතුවලටද තරමක බාධා සිදු විය.

එහිදී වයඹ ටුඩේ වෙබ් වෙත අදහස් දැක් වූ ලංකා තැලසීමියා කවයේ සභාපති නාමල් පේ‍්‍රමරත්න මහතා මෙසේ පැවසීය.

‘‘මැයි 08 වැනිදාට යෙදිලා තියෙන ජාත්‍යන්තර තැලිසීමියා දිනය වෙනුවෙන් ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විදිහට තමයි අපි මේ වගේ විරෝධතාවයක් පවත්වන්න තීරණය කළේ. අපේ රෝගී දරුවොත් වඩාගෙන අපි මේ විදිහට පාරට බැස්සේ ඇටමිදුඵ බද්ධ කිරීමේ සැත්කම් සිදුකරන්න පුලුවන් රෝහලක් ලංකාව තුළ පිහිටුවන්න කියන ඉල්ලීම කරන්නයි. මොකද අපේ දරුවන් මේ රෝගයෙන් මුදවාගත හැකි එකම ක‍්‍රමය මෙයයි. මේ සැත්කම පිටරටක සිදුකරනවා නම් අති විශාල මුදලක් වැය වෙනවා. නමුත් අපි වගේ දුප්පත් දෙමව්පියන්ට මේ වගේ වියදමක් දරාගන්න බැහැ. ඒ නිසා තැලිසීමියා දරුවන් වෙනුවෙන් ඇටමිදුඵ බද්ධ කිරීමේ සැත්කම් සහිත රෝහලක් ලබාදෙන්න කියලා වසර තුනක් තිස්සේ අපි රජයත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් මේ වෙනකම් ඒකට යහපත් ප‍්‍රතිචාරයක් ලැබිලා නෑ. ඇටමිදුඵ බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාමර දෙකක් හදන බව රජයෙන් අපිට කියනවා . නමුත් අපි කියන්නේ ඒ කුඩා කාමර දෙක මේ සදහා ප‍්‍රමාණවත් නෑ. මොකද මේ වෙනකොට ලංකාවේ තැලිසීමියා රෝගී දරුවන් 4000 කට ආසන්න පිරිසක් ඉන්නවා. එයින් 3000 ක් විතරම මේ ඇටමිදුඵ බද්ධ කිරීමේ ශල්‍ය කර්මය හරහා තැලිසීමියා රෝගයෙන් මුදවාගැනීමේ හැකියාව තියෙන අයයි. ඒ නිසා අපි කියන්නේ කුඩා කාමර දෙකකින් විතරක් මේ වැඩේ කරන්න හැකියාවක් නැහැ. සියලු පහසුකම් තියෙන පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල වගේ තැනක් ආශ‍්‍රිතව ඇටමිදුඵ බද්ධ කිරීමේ ඒකකයක් පිහිටුවන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටි පිරිස අනතුරුව සාමකාමීව විසිරී ගියහ.

ඡායාරූප අනුග්‍රහය – මධුර චින්තන 

protest_ tahalasemia_5 protest_ tahalasemia_2 protest_ tahalasemia_3 protest_ tahalasemia_4 protest_ tahalasemia_ protest_ tahalasemia_1 protest_ tahalasemia_7 protest_ tahalasemia_9 protest_ tahalasemia_8 protest_ tahalasemia_10 protest_ tahalasemia_11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article