රජයේ රක්ෂිතයකට අනවසරයෙන් ඇතුල් වී එහි නිදැල්ලේ සැරිසරමින් සිටි ගවයෙකු මරා මස් කළ බවට වරද පිළිගත් සිවුදෙනෙකුට රුපියල් එක්ලක්ෂ දසදහසක දඩ මුදලක් ගෙවන ලෙසට කුලියාපිටිය මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා ඊයේ (06 දා ) නියම කළේය.
මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ බරිගොඩ රක්ෂිතයට ඇතුල් වී ගවයෙකු මරා දැමූ බවට වරද පිළිගත් අහමඞ් ලෙබ්බෙ මොහොමඞ් රිශාඩ් , නාගූර් මොහොමඩ් හිල්මි, මොහොමඩ් නිශාම් මොහොමඩ් තාවුස් සහ තාවුල් හමීඩ් රජාබ්ඩීන් නැමැති අයවලුන්ටය.
රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවීම, බලපත් නොමැතිව ගවයෙකු මැරීම සහ ගව මස් සන්තකයේ තබාගැනීම යන චෝදනාවන් යටතේ කුලියාපිටිය පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.