වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා නීතිවිරෝධී අන්දමින් ඒවා එකලස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු සහ එලෙස එකලස් කර තිබූ වාහන කිහිපයක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නාරම්මල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නාරම්මල, පේරගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස් අලෙවිකිරීමේ ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරිකයෙකි. සැකකරු මෝටර් රථ ධාවකයෙකු ලෙස නමක් දිනා සිටින අයෙකු බවද පොලිසිය කියයි. ලියාපදිංචි අංක දෙකක් යොදාගනිමින් ධාවනය කරවූ ආපදා රථයක් මෙන්ම එකම ලියාපදිංචි අංකයක් සහිතව ධාවනය කළ මෝටර් රථ දෙකක්ද මෙම වැටලීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වසර 15කට ආසන්න කාලයක් තිස්සේ වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා නීතිවිරෝධී අන්දමින් එකලස් කිරීමේ ජාවාරමක යෙදී ඇති බවටත්, ඒ පිළිබදව ලැබුණු තොරතුරු මත මාස තුනක පමණ කාලයක් තිස්සේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.