කුරුණෑගල, මුත්තෙට්ටුගල ප්රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදිය ධාවනය කරවමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු දුම්රියක ගැටීමෙන් අද පස්වරුවේ (22 දා) ජීවිතක්ෂයට පත් විය.
අද පස්වරු 3.45 ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ මල්ලවපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි පාලිත දසනායක නැමැති 50 හැවිරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකි.
මුත්තෙට්ටුගල, අරලිය උයන ප්රදේශය වෙත දිවෙන මාර්ගය හරහා මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිහිටා ඇති අතර සිය යතුරුපැදියේ නැගී ඒ හරහා යාමට උත්සාහ කළ පාලිත දසනායක මහතා මහව සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් පැවැති රේල් බසයෙහි වැදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
වැල්ලව, මරඵවාව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන පාලිත දසනායක මහතා දෙදරු පියෙකි.
ඡායාරූප – නිරෝෂන් ජයතිස්ස