Saturday, November 23, 2024

වයඹ ආණ්ඩුකාරවරියගෙන් ඇමැති සාගලට පැමිණිල්ලක් !

Must read

sagala_amaraනීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපිට අසුන්ගෙන සිටින වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය විසින් පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් නිලධාරීන් එදෙස බලාසිටියදී අමාත්‍යවරයාට යම් පැමිණිල්ලක් කරන ස්වභාවයක් දැක්වෙන මෙම අපූරු දසුන දැකගත හැකි වූයේ වැල්ලව පොලිසියේදීය.

වැල්ලව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගියදා මැති ඇමැතිවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව එහි ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය වෙත ගිය අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ විවෘත කිරීම පිළිබදව සමරු සටහනක් තබන්නටද අමතක නොකළේය. එම අවස්ථාවට සහභාගි වී සිටි ආණ්ඩුකාරවරියට අසුන් ගැනීම සදහා එහි සිටි පොලිස් නිලධාරීන් විසින් අමාත්‍යවරයා ඉදිරිපිට තිබූ අසුනක් ලබා දුන් අතර ආණ්ඩුකාරවරිය එහි අසුන්ගැනීමෙන් පසුව පෙනෙන්නට වූයේ අමරා පියසීලි රත්නායක මහත්මිය විසින් ඉදිරිපත් කරන පැමිණිල්ලක් අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පොතක සටහන් කරගන්නා බවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article