සාලින්දගේ රැස්වීමෙන් කැමරා ගැලැවෙයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූරයන් හෙබවූ සහ හොබවමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් පසුගිය සෙනසුරාදා කුරුණෑගල, වැව රවුම පාරේ පිහිටි මන්ත්‍රී සාලින්ද දිසානායකගේ නිවසේදී පැවැත්විණි. ලබන 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේ සංවිධාන කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මෙම හමුව කැදවා තිබූ නමුත් ආරම්භයේ සිටම ඊට ලැබී තිබුණේ සාකච්ඡාවකට වඩා මහින්ද හිතවාදී රැළියක මුහුණුවරකි. සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සනත් නිශාන්ත පෙරේරා, ශෙහාන් සේමසිංහ මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුද සාලින්දගේ ඇරයුම පරිදි සහභාගී වී සිටියහ. උත්සවයට පැමිණි මන්ත්‍රීවරුන් අතුරින් ප්‍රසන්න රණතුංග පිළිබදව වැඩි අවධානයක් යොමු වී තිබුණේ ආසන සංවිධායක තනතුර අහිමිකිරීමෙන් පසුව ප්‍රසන්න ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව එය වූ බැවිනි. ඩී. බී. හේරත්, අසංක නවරත්න, සමන්ප්රිය හේරත්, බණ්ඩාර රාජපක්ෂ, ආනන්ද චන්ද්‍රලාල් ඇතුලූ පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙම හමුවට සහභාගී වී සිටි නමුත් ඒ සියලුදෙනාට වඩා වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි එම රැස්වීමට සහභාගී වී සිටීම එහි සිටි මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයට ලක් වී තිබිණි. ‘‘මං ජනාධිපතිතුමාගේ පක්ෂයේ පොල්ගහවෙල සංවිධායකවරයා’’යැයි පසුගිය දිනෙක පළාත් සභා මූලාසනයේ සිට ගුගුරමින් තමන්ගේ එම තනතුරට හානිකර අයුරින් ප්රවෘත්ති පළකළේ යැයි මාධ්‍යවේදීන් පවා දොට්ට දැමූ ටිකිරි අධිකාරි දැන් එම ජනාධිපතිවරයාගේම නායකත්වයට එරෙහිව පැවැත්වෙන රැස්වීමක් අස්සේ රිංගන්නට පැමිණ සිටීම මාධ්‍යවේදීන් වෙත කදිම මාතෘකාවක් නිර්මාණය කර දී තිබිණි. සුපුරුදු පරිදිම වයඹ ප්‍රධාන සංඝනායක රැකව ජිනරතන හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව රැස්වීම ඇරඹිණි. වයඹ කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරාද රැස්වීමට ආවේද තරමක පමාවක්ද සමගිනි. හීන්සීරුවේ රැස්වීමට ගොඩ වූ සුමල් උත්සවයේ පසුපස තිබූ හිස් අසුනක් බලා වාඩි වූ නමුත් එහි වැඩි වේලාවක් වාඩි වී සිටීමට ඔහුට සිදුවූයේ නැත. සුමල් පසුපස අසුනක වාඩිවෙනු දුටු සාලින්ද වහාම තම ලේකම්වරයෙකු යවා ඔහුව වේදිකාව ඉදිරියේ තිබූ ඉදිරිපෙළ අසුනකට ගෙන්වා එහි වාඩි කරවූයේය. රැස්වීමේ මුල් භාගය වෙන්වී තිබුණේ 17 වැනිදා පැවැත්වෙන රැස්වීමේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙනි. එය පුද්ගලික මට්ටමින් කළ යුතු කටයුත්තක් වන බැවින් සංවිධායකයින්ගේ ඉල්ලීම පරිදි අදාල කටයුත්ත නිම වෙන තෙක් රැස්වීමෙන් බැහැරවීමට එහි පැමිණ සිටි මාධ්‍යවේදීහු එම අවස්ථාවේදී කටයුතු කළහ. ප්‍රධාන කථන මේසයට පැමිණි ප්‍රසන්න රණතුංග 17 වැනිදා රැස්වීම පිළිබදව මෙන්ම ඊට කුරුණෑගලින් ජනතාව සහභාගී කරවන ආකාරය පිළිබදව සාකච්ඡාව ආරම්භ කළේය. පැයකට ආසන්න වේලාවක් ඒ වෙනුවෙන් වැය කළ ප්‍රසන්න තමන්ට තවත් උත්සවයකට සහභාගීවීමට ඇති බව කියමින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එතැනින්ම ආයුබෝවන් කියා රැස්වීමෙන් පිටතට පැමිණියේය. ප්‍රසන්න රැස්වීමෙන් පිටතට පැමිණෙනු දැක වඩාත් කලබලයට පත් වූයේ ඔහුගෙන් සැර කතාවක් බලාපොරොත්තුවෙන් ඒ වන විට රැස්වීමෙන් පිටත රැදී සිටි මාධ්‍යවේදීන්ය. ප්‍රසන්න ආපසු යන්නට සැරසෙනු බව දුටු මාධ්‍යවේදීන් රැස්වීම් ශාලාව තුළට දිව ගොස් එහි ප්‍රධාන කථන මේසයට සවිකර තිබූ රූපවාහිනී මයික්‍රෆෝන මෙන්ම කැමරා ආම්පන්නද දඩි බිඩි ගා ගලවාගෙන ප්‍රසන්න පසුපස හඹායන්නට වූයේ ඔහු වාහනයට නගින්නට පෙර අල්ලාගැනීමේ අදහසිනි. මාධ්‍යවේදීන් තකහනියේ පැමිණ මයිකෆෝන සහ කැමරා ආම්පන්න අකුලාගෙන ගියේ ඇයිදැයි නොදත් ජොන්ස්ටන්, සනත් නිශාන්ත , සමන්ප්රිය ඇතුලූ මන්ත්‍රීවරුන් වේදිකාවේ සිට මුහුණට මුහුණ බලාගන්නට වූයේ කුමක් හො ගැටඵවක් මත මාධ්‍යවේදීන් රැස්වීමෙන් පිට වී යන බවක් සිතමිනි. කෙසේවෙතත් වාහනයට නගින්නට පෙර ප්‍රසන්න අල්ලාගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ආසන සංවිධායකකම අහිමි කිරීම පිළිබදවය. ‘‘අයියෝ, මම ඔය ගැන මේ වෙනකම් වචනයක්වත් කතාකළේ නෑ. මම ඔය ගැන කතාකරන්න හිතාගෙන ඉන්නේ ඉරිදට තියෙන මගේ බලමණ්ඩල රැස්වීමේදී. මම දැන් ඔය ගැන කතාකළොත් ඉරිදා තියෙන බලමණ්ඩලේදී කියන්නේ මොනවාද ?’’යැයි කියමින් අදි මදි කළ නමුත් මාධ්‍යවේදින්ගේ දැඩි බලකිරීම හමුවේ ප්‍රසන්නට තවදුරටත් නිහඩව සිටින්නට නොහැකි විය. ආසන සංවිධායක තනතුර අහිමිකිරීම පිළිබදව එතෙක් තමන්ට පක්ෂයෙන් නිල දැනුම්දීමක් ලැබී නැති බව මෙන්ම තමන්ද ඒ බව දැනගත්තේ මාධ්‍ය හරහා බව ප්‍රසන්න එහිදී කීවේය. කෙසේවෙතත් ප්‍රසන්නගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඒ කාරියත් අහවර කළ මාධ්‍යවේදීන් යළි රැස්වීමට පැමිණ කථන මේසයෙහි මයික්‍රෆෝන සවිකරන්නට වූහ. ඒ වන විට සභාව අමතමින් සිටි සාලින්ද සිය කතාව විනාඩි කිහිපයකට නවත්මින් මාධ්‍යවේදීන්ට ඒ සදහා ඉඩ සලසා දුන්නේය. ‘‘අපි හිතුවේ ඔයාලා තරහාවෙලා යන්න ගියා කියලා.’’වේදිකාවේ අසුන්ගෙන සිටි සනත් නිශාන්ත මෙන්ම ජොන්ස්ටන්ද ඒ ඇසිල්ලේ මාධ්‍යවේදීන්ට කීහ. ‘‘කියන්න බෑනේ මන්ත්‍රීතුමා. මේ දවස්වල හැම තැනින්ම අපිව එළියට දානවානේ. ’’සනත් නිශාන්තට සහ ජොන්ස්ටන්ට පසුපසින් වේදිකාවේ අසුන්ගෙන සිටි සභාපති ටිකිරි බණ්ඩාටද වදින ලෙස මාධ්‍යවේදීන්ගෙන් පිළිතුරු ලැබිණි. මන්ත්‍රී සනත් නිශාන්ත සිනාසෙමින් තවත් යමක් කියමින් ඊට උත්තර බදින්නට සැරසුණු නමුත් විහිඵවෙන් විහිඵවෙන් ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ තමන්ගේ සායම සේදෙන්නට යන බව වටහා ගත් නිසාදෝ සභාපති ටිකිරි බණ්ඩා සනත් නිශාන්තට ඇගිල්ලෙන් ඇණ ඊට බාධා කරනු පෙණිනි.
මාධ්‍යයෙන් ගුටි කන්න ජොනී සූදානම්ලූ.
සාලින්දගෙන් පසුව සභාව අමතන්ට අවස්ථාව උදා වූයේ මන්ත්‍රී ජොන්ස්ටන්ටය. සිය කතාව අතරමැදදී සභාපති ටිකිරි බණ්ඩා මාධ්‍ය සමග ඇතිකරගෙන ඇති ආරවුල පිළිබදව සිහිකිරීමටද ජොන්ස්ටන් වගබලාගත්තේය. ‘‘අපේ ටිකිරි අධිකාරි මහත්තයා මාධ්‍යට මොකක්ද එකක් කියලා පහුගිය දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙන්න ගියා. එතුමාට තිබුණු චෝදනාව තමයි බැසිල් රාජපක්ෂ මහත්තයයි, මමයි එතුමගේ කාර්යාලයට ගියා කියලා. අද වෙනතුරු මම එතුමගේ කාර්යාලය දැකලත් නැහැ. පළාත් සභාවේ ඇමැතිකම දාලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ පළාත් සභාවට ගිහිල්ලත් නෑ. ඒක මුල්කරගෙන මාධ්‍යත් එක්ක එතුමා පොඩි පැටලවිල්ලක් වුණා. මාධ්‍යයෙන් ඒක ලොකුවටම ගැහැව්වා. ඒකට කමක් නැහැ. මාධ්‍යයෙන් ගුටි කන්න අපි සූදානම්. හැබැයි අපිට ගහන ඒ මාධ්‍යට විරුද්ධව කතාකරනකොට, පාර්ලිමේන්තුව ඇතුලේ නම් කියලා මාධ්‍යවේදීන්ට ගහනකොට ඒ වෙනුවෙන් කතාකරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.’’ ජොන්ස්ටන් කීය. ජොන්ස්ටන්ගෙන් පසුව සභාව ඇමැතූ නාමල් කීවේ හෙට අනිද්දාට තමන් අත්අඩංගුවට ගනීදැයි නොදන්නා බවයි. නාමල්ගේ කතාවෙන් අනතුරුව රැස්වීමද අවසන් වූ අතර පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්නගේ ජංගම දුරකථනයට කණගාටුදායක ආරංචියක් ලැබුණේ රැස්වීමට සහභාගී වූ පිරිස තේ මේසය වෙත යමින් සිටි අතරතුරේදීය. ‘‘සන්ධ්‍ය රාජපක්ෂ ඇමැතිතුමාගේ අම්මා අන්ත්‍රාවෙලා. ’’තමන් වෙත ලැබී තිබූ පණිවිඩය තේ බොන අතරතුරේදී අසංක විසින් පිරිස අතර බෙදා හැරියේය.
අයියගේ පුතත් ටිකිරි බණ්ඩාට එරෙහි වෙයි.
පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ දූෂණ සහ වංචාවලට එරෙහිව සංවිධානය කර තිබූ මහජන උද්ඝෝෂණයක් පසුගිය සදුදා පැවැත්වුණේ පොල්ගහවෙල නගර මධ්‍යයේදීය. පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතිය තුළ සිදු වී ඇති බව කියන දූෂණවලට සම්බන්ධ එහි පාලකයින්ට පමණක් නොව ආසන සංවිධායක පුටුවේ වාඩි වී ඒවාට උඩ ගෙඩි දෙන බව කියන වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාටද විරෝධතාකරුවන්ගේ නොමද අප්‍රසාදය මෙහිදී එල්ල විය. ‘‘සමූපය හොරා කෑ හොරු රැුළ සමග දීග කෑ ටිකිරි බණ්ඩා කෝ ?’’, ‘‘උදේට ජනපති සමග – රූට මහින්ද සමග දෙබිඩි ටිකිරි බබා’’ , ‘‘හොරු රකින ටිකිරි බණ්ඩා ගෙදර පල ’’, ‘‘ජනාධිපතුමනි දෙපත් නයින් එළවා දමනු.’’ ආදී විරෝධතා වැකි ලියූ පුවරු ගණනාවක් උද්ඝෝෂකයින් විසින් අත දරා සිටිනු පෙණිනි. පැය භාගයකට අධික කාලයක් තිස්සේ පැවැති විරෝධතාවය අවසන් කරන මොහොතේ එහි පැමිණි එක්තරා පුද්ගලයෙකු හේතුවෙන් විරෝධතාවයට එක් වී සිටි ජනතාවෙ තරමක් නොසන්සුන් වූ බවක් පෙනිණි. විරෝධතාකරුවන් නොසන්සුන් කරවමින් එතැනට පැමිණ තිබුණේ ටිකිරි බණ්ඩාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු මෙන්ම ටිකිරි බණ්ඩාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද පෙනී සිටි බව කියන අයෙකි. (පළාත් සභා පනතට අනුව පළාත් සභාවේ සභාපති තනතුර සදහා මාධ්‍ය ලේකම් තනතුරක් පිහිටුවා නැත. ) රූපවාහිනී නාලිකාවක යූ රිපෝටර් කෙනෙකු ලෙස කටයුතු කරන බව කියන ටිකිරි බණ්ඩාගේ ඥාතිපුත්‍රයා කැමරාවක්ද අටවාගෙන අදාළ විරෝධතාවය රූ ගත කිරීමට සුදානම් වූ ඒ වන විටත් සී සීකඩ විසිරීගොස් සිටි විරෝධතාකරුවන් හමුවේ රූගත කිරීමට තරමේ විරෝධතාවයක් එතැන තිබුණේ නැත. ඒ නිසා ඔහු ඊළගට කළේ විරෝධතාවයට එක් වී සිටි පොල්ගහවෙල එජාප සම සංවිධායක මෙන්ම තම බාප්පාගේ ප්‍රබල ප්රතිවාදියෙකුද එච්. එම්. ජයරත්නගෙන් ප්‍රකාශයක් ලබාගැනීමය. ‘‘අරගෙන ගිහින් ටිකිරි බණ්ඩට පෙන්නන්න වෙන්නැති.’’ඒ දුටු විරෝධතාකරුවෙක් කියනු ඇසිණි. ‘‘හැබැයි ඉතිං එහෙමම කියන්නත් එපා. පහුගිය දවස්වල ටිකිරි බණ්ඩා නටපු නාඩගම් සිහි බුද්ධිය තියෙන කාටවත් හොදයි කියලා කියන්න බැහැනේ. ඒ හින්දා නෑදෑකම පැත්තක තියලා පුතත් පාරට බැස්සද කියලා අපි දන්නේ නැහැනේ. ’’තවත් අයෙක් ඊට පිළිතුරු බැන්දේය.
අලවතුවලට සුපර් ස්ටාර් ඇරයුමක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පසුගිය සෙනසුරාදා සිය නිවසේදී අපූරු කාර්යයක් සූදානම් කර තිබිණි. ඒ සිරස සුපර් ස්ටාර් තරගයට මෙවර කුරුණෑගලින් තරග වැදී සිටින ලක්ෂිත අරවින්ද තරුණයා මාධ්‍යවේදීන්ට හදුන්වාදීම වෙනුවෙනි. මෙම අවස්ථාව සදහා සැලකිය යුතු මාධ්‍යවේදීන් පිරිසකට අලවතුවල විසින් ආරාධනා කර තිබූ අතර ලක්ෂිත අරවින්දගේ හැකියාවන් පෙන්වනු පිණිස අලවතුවල නිවසෙහි පැදුරු සාජ්ජයක්ද සූදනම් කර තිබිණි. සුපර් ස්ටාර් තරගයේ අවසන් දහසය දෙනා අතරට තේරී පත් වී සිටින ලක්ෂිත අරවින්ද මාවතගම ආසනයට අයත් උයන්දන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවීම හේතුවෙන් අලවතුවල විසින් ලක්ෂිතගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු වෙත සුවිසල් සහයෝගයක් ලබාදෙමින් සිටී. ලක්ෂිතව මාධ්‍යවේදීන්ට හදුන්වා දීම හරහා ඔහුට තව තවත් ජනතාව අතරට යෑම සදහා අවස්ථාව උදාකරදීම මෙම සුහද හමුව සංවිධානය කිරීමෙන් අලවතුවල බලාපොරොත්තු වී තිබිණි. ලක්ෂිතට මාධ්‍ය හරහා ලබා දිය හැකි උපරිම අවස්ථාවන් ලබාදෙන ලෙසට අලවතුවල එහි පැමිණි සිටි සෑම මාධ්යවේදියෙකුගෙන්ම පුද්ගලිකවම ඉල්ලා සිටියේය. ලැබූ අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගත් ලක්ෂිතද තමන් සුපිරි තරු කිරුළ සදහා කෙතරම් සුදුස්සෙකුදැයි මාධ්‍යවේදීන් හමුවේ ඔප්පු කර පෙන්වීය. ගායනයට අමතරව වාදනයෙහිද දක්ෂයෙකු වන ලක්ෂිතගේ මුවින් නැගුණු බට නලා නාදයෙන් සංගීත සැදෑව වර්ණවත් වී ගියේය. සාදය ඉදිරියට ඇදීගෙන යද්දී තමන් සමග එක්ව ගීයක් ගායනා කිරීමම එන ලෙස ලක්ෂිතගෙන් ආරාධනාවක් ලැබුණේ මන්ත්‍රී අලවතුවලටය. අභියෝගය භාරගත් අලවතුවල විසින් ගැයීමට තෝරාගත්තේ මී වදයකි ජීවිතේ ගීතයයි. අලවතුවල විසින් මී වදයකි ජීවිතේ ගයද්දී ලක්ෂිත ඊට හවුල් වූයේ බට නලා වාදනයෙනි. කෙසේවෙතත් එක් ගීයක් ගැයීමෙන් පමණක් වැඬේ නවත්වන්නට අලවතුවලට අවස්ථාව නොලැබිණි. මන්ද ඒ වන විට සාදයේ සිටි මාවතගම හිටපු විපක්ෂ නායක මොහොමඞ් රිෆාල්, අලවතුවලගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ගාමිණී සෝමසිරි, සිසිර යාපා ඇතුඵ පිරිස වන් මෝ , වන් මෝ කියමින් කෑගසන්නට වීම නිසාවෙනි. ඒ අනුව අලවතුවල විසින් දෙවැනි ගීතයටත් මුල පිරූ අතර අලවතුවල සහ ලක්ෂිත එක්ව එවර ගැයුවේ මී අඹ වනයේ ගීතයයි. අලවතුවල ගීය අවසන් කරනවාත් සමග ඊට හොදම ඇගයුම ලැබුණේ ලක්ෂිත අරවින්දගෙනි. ‘‘මට දැන් හිතෙනවා මම සුපර් ස්ටාර් ගියේ අපරාදේ කියලා. මේ සිංදු කියන විදිහට සුපර් ස්ටාර් ගියා නම් එකෙන්ම සුපර් ස්ටාර් සර් තමයි.’’ලක්ෂිත කීය. කෙසේවෙතත් ගී ගැයීමට එතැනින් තාවකාලික විරාමයක් දුන් අලවතුවල සාදයේ අවසන් භාගයේදී යළි ගායනයට හවුල් වූ අතර ලක්ෂිත සමග තවත් ගී හතරක් පහක් ගැයීමට අලවතුවල සමත් විය.
ඞී. බී. ගේ කතාව දිග්ගැස්සී මහින්ද නොසන්සුන් වෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සදුදා දැදුරු ඔය ජලාශය අසල පිහිටි ශ්‍රී අර්ධ නාරීශ්වර දේවාලයට පැමිණියේ එහි පැවැති මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගී වීමටය. උත්සවය යාමට පෙර දැදුරුඔය ජලාශ බැම්ම මත මොහොතක් නැවතුණු මහින්ද සිය පාලන කාලය තුළ ඉදිකෙරුණු ජලාශය දෙස විනාඩි කිහිපයක් නිසොල්මන්ව බලා සිටීමටද අමතක නොකළේය. අනතුරුව දේවාල භූමිය වෙත ගොස් මුල්ගල් තැබීමට සහභාගි වූ මහින්ද ඉන් අනතුරුව පැවැති උත්සව සභාවටද සහභාගී විය. මහින්දට එදින තවත් උත්සව ගණනාවකටම සහභාගිවන්නට තිබූ හැකිතාක් කෙටියෙන් උත්සවය සංවිධානය කරන ලෙසට කල්ඇතිවම උපදෙස් ලැබී තිබිණි. ඒ නිසාම උත්සවය කතා තුනකට පමණක් සීමා කර තිබූ අතර එම කතා තුන වෙන් වී තිබුණේ ඞී. බී. හේරත් සාලින්දට සහ මහින්ද වෙනුවෙනි. පළමු කතාව ඞී. බී. හේරත්ට ලැබුණු අතර රාජපක්ෂ පවුලට සිදුවන කෙණිහිලිකම් ගැන සිහිපත් කරමින් කතාව ආරම්භ කළ ඞී. බී.ට කාලය පිළිබද සීමාව අමතකවීම නිසාදෝ කතාවක් දිගින් දිගමට ගලායන්නට විය. කතාව දිග්ගැස්සීම නිසාදෝ මහින්ද කිහිපවිටක්ම කර උස්සා බැලූ නමුත් ඒ බවක් නොදුටු ඞී. බී. සිය කතාව දිගටම පවත්වාගෙන ගියේය. කාලය ගතවීම පිළිබදව මහින්ද යම් නොසන්සුන් බවකින් සිටි බවක් පෙණුනු අතර ඒ නිසාම කතාව සීමාකරන ලෙස දන්වමින් සංවිධායකයින් විසින් ඞී. බී. වෙත තුණ්ඩුවක්ද යැවූහ. තුණ්ඩුව දුටු ඞී. බී. සිය කතාව අවසන් කළ නමුත් ඒ වන විට ඔහුගේ කතාවට පැය භාගයකට ආසන්න කාලයක් ගත වී තිබිණි. ‘‘මට කතාවක් එපා. කෙලින්ම මහින්ද මහත්තයාගේ කතාව දාන්න.’’ උත්සවයේ නිවේදන කටයුතු මෙහෙය වූ නිවේදකයා තමන් ළගට කැද වූ සාලින්ද කීය. ඒ අනුව නිවේදක තැන විසින් සභාව ඇමතීම සදහා මහින්දට ආරාධනා කළ අතර කෙටියෙන් සභාව ඇමැතූ මහින්ද විනාඩි කිහිපයකින් සිය කතාව අවසන් කරන්නට වග බලාත්තේය. ඉකුත් සෙනසුරාදා මන්ත්‍රී සාලින්දගේ නිවසේ පැවැති නාමල්ගේ රැස්වීමේ වාඩි වී සිටි සභාපති ටිකිරි බණ්ඩා පොල්ගහවෙල සිට දුර ගෙවාගෙන පැමිණ දැදුරු ඔය දේවාල භූමියේ මහින්දගේ රැස්වීමේත් වාඩි වී සිටිනු දක්නට ලැබිණි.
මහින්දයි – ශාන්තයි මළගෙදරදී මුණගැසෙති.
දැදුරුඔය දේවාලයේ උත්සවය අවසන් කළ මහින්ද කෙලින්ම ගියේ වෙන්නප්පුවටය. වෙන්නප්පුවේ පිහිටි ඇමැති සන්ධ්‍යගේ නිවසට ගිය මහින්ද එහිදී ඇමැති සන්ධ්‍ය රාජපක්ෂගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. වයඹ පළාත් ජනාධිපති ව්‍යාපෘති අධ්යක්ෂ ශාන්ත බණ්ඩාරද මළගෙදර පැමිණ තිබුණේ ඒ වන විට මළගෙදර පැමිණ සිටි සනත් නිශාන්ත, උදිත ලොකුබණ්ඩාර ඇතුඵ මන්ත්‍රී පිරිස මහින්ද සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදීය. කලක් මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ශාන්ත බණ්ඩාර අනතුරුව ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමකට කරගසන්නට යාමේ ආනිසංසය පළදීම නිසාදෝ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වන්නට සිදුවිය. ශාන්තට සන්ධ්‍යගේ නිවසේදී මහින්ද මුණගැසෙන්නේ මේ කරළි පෙරළි සිදු වී මාස ගණනක් ගෙවීයාමනේ පසුව මෛත්‍රී විසින් ශාන්ත බණ්ඩාරට අලූත් තනතුරක්ද පිරිනමා තිබූ පසුබිමකය. කලෙකින් මුණගැසුණු ශාන්ත බණ්ඩාරගේ ආචාර සමාචාර පිළිගනිමින් මහින්ද විමසුවේ ‘‘මොකක්ද ශාන්ත ඔයාට ලැබිලා තියෙන අලූත් තනතුර ? යැයි කියාය. ‘‘වයඹ පළාත් ජනාධිපති ව්‍යාපෘති අධ්යක්ෂ කියලා තනතුරක් සර්. ’’මොනවද දැන් ඕකෙන් කරන්න පුලූවන් ? ’’මහින්ද යළි ඇසීය. ‘‘ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක කරන වයඹ පළාතේ තියෙන ව්‍යාපෘති ගැන හොයාබැලීම තමයි කරන්නේ සර්. ’’ශාන්ත බණ්ඩාර කීය. ‘‘ආ ඒක හොදයි. වයඹ පළාත ඇතුළේ පහුගිය කාලේ පටන්ගත්තු පානීය ජල ව්‍යාපෘති ටික නතර කරන්න දෙන්න එපා. කොහොම හරි මිනිස්සුන්ට බොන්න වතුර ටික හදලා දෙන්න. ’’ මහින්ද ශාන්තගෙන් ඉල්ලා සිටියේය. ‘‘ නෑ සර්. ඒ ව්‍යාපෘති ටික එහෙමම ක්‍රියාත්මක කෙරෙනවා. ඒවා නවතින්නේ නැහැ.’’ යැයි කී ශාන්ත බණ්ඩාර අදාළ ව්‍යාපෘති පිළිබදව මහින්දට කෙටියෙන් විස්තර කර දුන්නේය.
නිමල් සිල්වා අසනීපෙන්.
කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා පසුගිය සදුදා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ හදිසියේ අසනීපවීම හේතුවෙනි. නියෝජ්‍ය නගරාධිපතිවරයා හෘදයාබාධයක රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තීරණය කළහ. මේ වන විට කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින නිමල් චන්ද්‍රසිරිගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ඔස්සේ ‘අඵ යට ගිනි ’වෙත දැනගන්නට ලැබී තිබේ. සැත්කම් හෝ වෙනත් බරපතල ගණයේ වෛද්‍ය ප්රතිකාරවලින් තොරව නියෝජ්‍ය නගරාධිපතිවරයා සුපුරුදු සුවයට එළැඹෙමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
කෘෂි නිලධාරියෝ නලින් බණ්ඩාරට එරෙහි වෙති.
පසුගිය සතියේ ජනමාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජජාල වෙබ් අඩවි ඔස්සේත් දැඩි ලෙස කතාබහට ලක් වූ මාතෘකා දෙකකට මුල් වී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැති දෙපළක් විසින් කරනු ලැබූ ප්‍රකාශයන් දෙකකි. එච්. අයි. වී. ආසාධිතයෙකු බව කියමින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ දරුවා පිළිබදව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් විසින් මහනුවරදී කර තිබූ ප්‍රකාශය ඉන් එකකි. ඇමැති අකිල එහිදී ප්‍රකාශකර තිබුණේ අදාල දරුවාගේ යහපත වෙනුවෙන් ඔහු මවගෙන් වෙන්කර පරිවාස භාරයට පත්කිරීම සුදුසු බවය. අකිලගේ එම ප්‍රකාශය අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ ජාල වෙඞ් අඩවි ඔස්සේ දැඩි මේ වනවිටත් දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී. මන්ත්‍රී නලින් බණ්ඩාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ට එරෙහිව කට ඇර තිබුණේ අකිලගේ ප්‍රකාශයේ උණුසුම මැකී යන්නටත් පෙරය. ගොවීන් කුලප්පු කරන උද්ඝෝෂණ පිටුපස සිටින්නේ පොහොරවලින් මුදල් ගසා කන නිලධාරීන් බවට නලින් විසින් කළ ප්‍රකාශයක් ජනමාධ්‍ය හරහා විකාශය වී තිබිණි. අකිලගේ ප්‍රකාශය අන්තර්ජාලය ඔස්සේ විවේචනයට කිරීමට පමණක් සීමා වී තිබූ නමුත් නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට නම් ඇස් පනාපිටම ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව ඊයේ කුරුණෑගල නගරයට රැස් වූ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් සිය ගණනක් නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට විරෝධය දැක් වූයේ එම ප්‍රකාශය හෙළාදැකීමේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරමිනි.
උපුටාගැනීම – මව්බිම පුවත්පත – 2016 මාර්තු 10 වැනිදා